Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:31 - සිංහල කාලීන පරිවර්තනය

31 යේසුස්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා, “අප දැන් යන්නේ යෙරුසලමටයි; මනුෂ්‍ය පුත්‍රයාණන් ගැන දිවැසිවරුන් විසින් ලියන ලද හැම දෙයක්ම සම්පූර්ණ විය යුතුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන්ට කතා කරමින්, “මෙ‍න්න, දැන් අපි ජෙරුසලමට යම්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන දිවැසිවරයන් විසින් ලියා ඇති සියල්ල ඉෂ්ට වන්නේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 උන් වහන්සේ දොළොස් දෙනා තමන් වෙත කැඳවා ඔවුන්ට කතා කරමින්, “මෙ‍න්න, දැන් අපි ජෙරුසලමට යම්හ; මනුෂ්‍ය-පුත්‍රයාණන් ගැන දිවැසිවරයන් විසින් ලියා ඇති සියල්ල ඉෂ්ට වන්නේ ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණ වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:31
17 හුවමාරු යොමු  

එතැන් පටන් යේසුස්වහන්සේ තමා යෙරුසලමට යා යුතු වුව ද, වැඩිහිටියන්, නායක පූජකයින් හා දහම් පඬිවරුන් අතින් තමන් බොහෝ පීඩා විඳින වග ද ඉන්පසු මරා දමනු ලබන වග ද තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන වග ද තම ගෝලයින්ට පවසන්නට වූ සේක.


යේසුස්වහන්සේ ඔසවනු ලැබීමේ දවස් ළඟා වෙත්ම, යෙරුසලමට යන පිණිස තම මුහුණ යොමු කර,


“මනුෂ්‍ය පුත්‍රයා බොහෝ දුක් විඳින්නටත්, වැඩිහිටියන් ද නායක පූජකයින් හා දහම් පඬිවරුන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරා දමනු ලබන්නටත්, තුන් වන දවසේ නැවත නැගිටුවනු ලබන්නටත් ඕනෑ” යි පැවසූ සේක.


එහි හාරදහසක් පමණ පිරිසක් වූහ. උන්වහන්සේ ඔවුන් පිටත් කර හැරිය සේක.


ඔහු අමතමින්, “මැතිඳුනි, ඒ ප්‍රයෝගකාරයා ජීවත්ව සිටියදී, ‘තුන් දිනකින් මම යළි නැගිටිමි’ යි කී බව අපට මතකයි.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “එක් මිනිහෙක් යෙරුසලමේ සිට යෙරිකෝව බලා යමින් සිටියදී, මංකොල්ලකරුවනට හසුවුණා. මංකොල්ලකරුවෝ, ඔහු නිර්වස්ත්‍ර කොට, ඔහුට තළා-පෙළා, නොමරා මරා, හැර ගියා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්