ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 22:6 - සිංහල කාලීන පරිවර්තනය

සෙසු අය ඔහුගේ සේවකයින් අල්ලා, නිග්‍රහ කොට, ඔවුන් මරා දැමූහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, නිග්‍රහකොට, මැරුවෝය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 22:6
16 හුවමාරු යොමු  

“එහෙත් ඔවුහු ඒ නො තකා, කෙනෙක් තම ගොවිපොළටත්, කෙනෙක් තම ව්‍යාපාරයටත් ගිය අතර,


රජු කුපිත විය. ඔහු තම හමුදාව යවා, ඒ මිනීමරුවන් විනාශ කරවා, ඔවුන්ගේ නගරය ද ගිනි තැබ්බවී ය.


උන්වහන්සේ විදේශීන් අතට පාවා දෙනු ලැබ, සරදම් කරනු ලැබ, ලජ්ජා සහගතව සලකනු ලැබ, කෙළ ගසනු ලබයි;


ඔහු මරා දැමීම අනුමත කරමින්, සාවුල් ද එහි සිටියේ ය. ඒ දවසේම යෙරුසලම් සභාවට එරෙහි දරුණු වධ හිංසනයක් පැන නැගිණි. අපෝස්තුලුවරුන් හැර අන් සියල්ලෝ යුදය හා සමාරිය යන පෙදෙස් පුරා විසිරවන ලදහ.


ඔබත් ඔවුන් අතර සිටිතැයි සලකා, සිරගතව සිටින්නන් ද ඔබත් සිටින්නේ ශරීරයක බැවින් වධ වේදනා විදින්නන් ද සිහිපත් කරන්න.