ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 21:16 - සිංහල කාලීන පරිවර්තනය

“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මොවුන් කියන දේ ඔබට ඇසෙනවා දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. ජේසුස් වහන්සේ, “එසේ ය, බිළිඳුන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ තුති පිදීම සලසා ඇත යන පාඨය කවදාවත් කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න



මතෙව් 21:16
11 හුවමාරු යොමු  

ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් කුසගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කියවා නැද්ද?


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන් මැවූ තැනැන්වහන්සේ, පටන්ගැන්මේදී පිරිමියා හා ගැහැනිය වශයෙන් ඔවුන් සෑදූ වග ඔබ කියවා නැද්ද?


මළවුන් නැවත නැගිටීම ගැන දෙවියන්වහන්සේ ඔබට පැවසූ දෑ ඔබ කියවා නැද්ද? එනම්,


ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “වරක් තමාටත්, තම සගයින්ටත් අග හිඟ වී, කුසගිනි වූ විට දාවිත් කළ දේ ඔබ කවදාවත් කියවා නැද්ද?


ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. මන්ද දේශය පිට මහත් ව්‍යසනයක් ද මේ ජනයාට එරෙහිව උදහස ද එනු ඇත.