Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 21:15 - සිංහල කාලීන පරිවර්තනය

15 එහෙත් නායක පූජකයෝ හා දහම් පඬිවරු, උන්වහන්සේ කළ අරුම පුදුම හා “දාවිත්ගේ පුත්‍රයාණන්ට හෝසන්නා!” කියමින් දේව මාලිගය තුළ දරුවන්ගේ මොරගෑම දැක, කුපිත වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:15
20 හුවමාරු යොමු  

උන්වහන්සේට පෙරටුව හා උන්වහන්සේට පිටුපසින් ගමන් ගත් ජනතාවෝ, “දාවිත්ගේ පුතණුවන්ට හෝසන්නා!” “ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!” “උසස් තැන්හි හෝසන්නා!” යි මහ හඬ නැගුවෝ ය.


එබැවින්, ඔවුනොවුන් ඇමතූ පරිසිවරු, “පේනවද අපට කිසි ජයක් නැති හැටි. බලන්න! මුළු ලෝකයම ඔහු පස්සේ ගිහිල්ලා” යි කීහ.


මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.


ක්‍රිස්තුස්වහන්සේ පැමිණෙන්නේ දාවිත්ගේ වංශයෙන් බවත්, දාවිත් සිටි ගම වන බෙත්ලෙහෙමෙන් බවත් ශුද්ධ ලියවිල්ල කියනවා නො වේ දැ?” යි ඇසූහ.


යේසුස්වහන්සේ යොහන්ට වඩා ගෝලයින් දිනා බව්තීස්ම කරතියි පරිසිවරුන්ට සැල විය.


දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණුවන ලදින්, ඔවුහු කතා කරමින්,


නායක පූජකවරු හා දහම් පඬිවරු උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි සෙවූහ. මන්ද ඔවුහු ජනතාවට බය වූහ.


දිනක් යේසුස්වහන්සේ දේව මාලිගයේ ජනයාට උගන්වමින් හා ශුභාරංචිය දේශනා කරමින් සිටියදී, නායක පූජකවරු හා දහම් පඬිවරු වැඩිහිටියන් සමඟ පැමිණ,


ඒ ඇසූ නායක පූජකවරු හා දහම් පඬිවරු, උන්වහන්සේ මරා දැමීමට සෙවූහ. මන්ද මුළු පිරිස උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූ බැවින් ඔවුහු උන්වහන්සේට බය වූහ.


ඒ අතර නායක පූජකයෝ හා වැඩිහිටියෝ, බරබ්බස් නිදහස් කරන ලෙසත්, යේසුස්වහන්සේ මරා දමන ලෙසත් ඉල්ලන්නට සමූහයා කැමති කරවා ගත්හ.


උදයේ සියලු නායක පූජකවරු හා ජනතා වැඩිහිටියෝ යේසුස්වහන්සේ මරණයට පත් කරන්නට උන්වහන්සේට එරෙහිව කතිකා කළහ.


නායක පූජකවරු හා මුළු මන්ත්‍රණ සභාව යේසුස්වහන්සේ මරණයට පමුණුවන පිණිස, උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සොයන්නට වූහ.


එකල නායක පූජකයෝ හා ජනයාගේ වැඩිහිටියෝ කායාපස් නම් වූ උත්තම පූජකයාගේ මන්දිරයට රැස් වූවෝ,


“ක්‍රිස්තුස්වහන්සේ ගැන ඔබ හිතන්නේ කොහොම ද? උන්වහන්සේ කවරකුගේ පුත්‍රයා දැ?” යි ඇසූ සේක. “දාවිත්ගේ පුත්‍රයා යැ” යි ඔවුහු පැවසූහ.


යේසුස්වහන්සේ දේව මාලිගාවට ඇතුළුව, උගන්වමින් සිටියදී, ජනයාගේ නායක පූජකවරු හා වැඩිහිටියෝ, උන්වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? මේ බලය ඔබට දුන්නේ කවුරු දැ?” යි ඇසූහ.


යේසුස්වහන්සේ එතැන පසුකර යන කල, අන්ධයින් දෙදෙනෙක් උන්වහන්සේ පස්සේ යමින්, “අපට කරුණා කළ මැනව, දාවිත්ගේ පුත්‍රයාණෙනි” යි මොර ගසන්නට වන්හ.


දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්