Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 21:23 - සිංහල කාලීන පරිවර්තනය

23 ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය. මන්ද දේශය පිට මහත් ව්‍යසනයක් ද මේ ජනයාට එරෙහිව උදහස ද එනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඒ දවස්වල දී ගර්භණීන්ට ද කිරි දෙන මව්වරුන්ට ද වන විපතක මහත! මන්ද, දේශය පිට දැඩි ආපදා හා වේදනා ද මේ සෙනඟ කෙරෙහි දේව සාපය ද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඒ දවස්වලදී ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ! මක්නිසාද දේශය පිට මහත් දුක් වේදනාද මේ සෙනඟ කෙරෙහි උදහසද වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 21:23
18 හුවමාරු යොමු  

“මොවුන් කියන දේ ඔබට ඇහෙනවා දැ?” යි ඔවුහු උන්වහන්සේගෙන් ඇසූහ. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔව්, මට ඇසේ, “ ‘ළදරුවන්ගේ ද කිරි දරුවන්ගේ ද මුවින් ඔබ ප්‍රශංසාව සලසා ඇත’ යන්න කිසි කලෙක ඔබ කියවා නැද්දැ?” යි කී සේක.


ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු එම අධමයින් කාලකණ්ණි මරණයකට පත් කරනු ඇත. තවද නිසි වාරයට තම පලදාව තමාට දෙන වෙනත් බදුකරුවනට ඔහු ඒ මිදි වත්ත බාර දෙනු ඇතැ” යි කීහ.


මේ ගල පිට වැටෙන්නා, කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු පිට වැටුණ කල, එය ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.


ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.


ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.


එහෙත්, මා තමන්ට රජකම් කරනවාට විරුද්ධ වූ මාගේ සතුරන් මෙහි ගෙනවුත්, මා ඉදිරියේ මරා දමනු’ යි අණ කළා” යි පැවසූ සේක.


නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි.


මන්ද ‘වඳ ස්ත්‍රීන් ද දරුවන් නො දැරූ කුස ද කිරි නො පෙව් පියයුරු ද ආශිර්වාදිත ය!’ කියන දවස් උදා වනු ඇත.


වත්මන් අර්බුදකාරී තත්වය හමුවේ, කෙනෙක් දැන් සිටින අයුරින්ම සිටීම යෙහෙකැයි මම සිතමි.


අන්‍ය-ජාතීන් ගැලවීම ලබන පිණිස ඔවුන්ට වචනය කතා කිරීමෙන් අප වැළැක්වීමෙනි. මේ අයුරින් ඔවුහු නිරතුරු තම පාප උපරිම සීමාව දක්වා ගොඩගසා ගනිති. අවසානයේදී දෙවියන්වහන්සේගේ උදහස ද ඔවුන් පිට වැටී ඇත.


යහපත කිරීම ද ඔබට ඇති දෑ අන් අය සමඟ බෙදා හදා ගැනීම ද අතපසු නො කරන්න. එම පූජා දෙවියන්වහන්සේට ප්‍රසන්න ය.


සවන් දෙනු ධනවතුනි, ඔබ පිට පැමිණෙන දුක්ඛිතභාවය ගැන හඬා වැටෙන්න; හඬ නගා වැලපෙන්න.


මන්ද දෙවියන්වහන්සේගේ ගෘහ වාසීන්ගෙන් විනිශ්චය පටන්ගැන්මේ කාලය එළඹ තිබේ. එය ඇරඹෙනුයේ අප වෙතින් නම් දෙවියන්වහන්සේගේ ශුභාරංචියට අකීකරුවූවන්ට කෙබඳු විපාකයක් අත් වේ ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්