ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මතෙව් 18:3 - සිංහල කාලීන පරිවර්තනය

“සැබවින් ම මා ඔබට කියන්නේ, ඔබ හැරී, කුඩා දරුවන් මෙන් නො වුවහොත්, ස්වර්ග රාජ්‍යයට ඇතුළු වීමට කිසි සේත් ඔබට නො හැකි බවයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සැබවක් නුඹලාට කියමි–නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය.

පරිච්ඡේදය බලන්න



මතෙව් 18:3
28 හුවමාරු යොමු  

මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි.


කුඩා දරුවකු කැඳවාගත් උන්වහන්සේ, ඔවුන් අතර ඔහු සිටුවා:


මේ දරුවා මෙන් තමන්ම යටහත් කවරකු වුව ස්වර්ග රාජ්‍යයේදී වඩාත්ම උත්තමයා වෙයි.


එහෙත්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න; ඔවුන් වළක්වන්න එපා; මන්ද ස්වර්ග රාජ්‍යය අයිති මෙබඳු වූවන්ට යැ” යි පැවසූ යේසුස්වහන්සේ


එවිට යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “සැබවින් ම මා ඔබට කියන්නේ, ධනවතකුට ස්වර්ග රාජ්‍යයට ඇතුළු විය හැක්කේ, මහත් අසීරුවෙන් පමණක් බවයි.


මන්ද සැබවින් ම මා ඔබට කියන්නේ, අහසත්, පොළොවත් පහව යන තෙක්, දහම් නීතියෙන් එක් ඉස්පිල්ලක්, පාපිල්ලක් වුව කිසි සේත් පහ වී නො යන වගයි.


මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැතිනම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.


“ඔබ නිරාහාර ශීලයෙන් සිටින කල, කුහකයින් කරන්නා සේ, අඳුරු මුහුණින් යුතු නො වන්න. මන්ද තමන් නිරාහාරව සිටිනා බැව් පෙන්වීමට ඔවුහු වෙස් පෙරළා ගනිති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.


“එබැවින්, දුගියනට ඔබ දන් දෙන කල, හොරණෑ පිඹ ප්‍රසිද්ධ නො කරන්න. මිනිසුන්ගෙන් ගරු පැසසුම් ලබනු පිණිස කුහකයෝ සිනගෝගවලදීත්, මංමාවත්හිදීත් එසේ කරති. සත්තකින්ම මා ඔබට කියන්නේ, ඒ සඳහා වූ මුළු ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.


“ඔබ යාච්ඤා කරන කල කුහකයින් සේ නො වන්න. මන්ද සිනගෝගවලදීත්, මං සන්ධිවලදීත් අන්‍යයන්ට පෙනෙන්නට නැගී සිට, යාච්ඤා කරන්නට ඔවුහු ආශා කරති. සැබවින් ම මා ඔබට කියන්නේ, ඔවුන්ගේ ප්‍රති-විපාකය ඔවුන් ලබා ඇති බවයි.


මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.


“පටු දොරෙන් ම ඇතුළු වන්නට වෙර දරන්න. මන්ද මා ඔබට කියන්නේ, බොහෝ දෙනකු ඇතුල් වන්නට සොයන නමුත් නො හැකි වනු ඇත කියායි.


එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයින් මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත නඟිනවාත්, බසිනවාත් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, නැවත නූපදින කිසි කෙනකුට දෙවියන්වහන්සේගේ රාජ්‍යය දකින්නට නො හැකි බවයි” කී සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, කෙනකු වතුරින් හා ආත්මයාණන්ගෙන් උපන්නොත් මිස, ඔහුට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට නො හැකියි.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩිව තිබේ. ඔවුහු නො අසන කන් ඇතිව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.


එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,


සහෝදරයිනි, ළමයින් මෙන් සිතීම නවතන්න. නපුර සම්බන්ධව බිළිඳුන් වන්න; සිතිවිලිවලින් වැඩිහිටියන් වන්න.


සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස,


මෙසේ අපගේ ස්වාමින්වහන්සේ ද ගැලවුම්කරුවාණන් ද වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සදාතන රාජ්‍යයට පිවිසීමේ ඉහළ පිළිගැනීමක් ද ඔබට හිමි වේ.