Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 13:15 - සිංහල කාලීන පරිවර්තනය

15 මන්ද මේ ජනයාගේ හදවත් දැඩි වී ඇත; තම කන්වලින් ඔවුන් අසන්නේ නැති තරම් ය; තම ඇස් ඔවුන් වසාගෙන ඇත. එසේ නො විණි නම්, ඔවුන් තම ඇස්වලින් බලා, තම කන්වලින් අසා, තම හදවත්වලින් තේරුම් ගෙන, මා වෙත හැරෙන්නට තිබිණි. මා ද ඔවුන් සුව කරන්නට තිබිණි’ යන්නයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මේ සෙනඟගේ සිත් අඳුරු ය; ඔවුන්ගේ කන් වැසී ඇත. ඔවුන්ගේ ඇස් පිය වී ඇත. එසේ නොවී නම්, ඔවුන් ඇසින් බලා, කනින් අසා, සිතින් තේරුම්ගෙන හැරෙනු ඇත. මම ද ඔවුන් සුවපත් කරමි’ යනු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 13:15
25 හුවමාරු යොමු  

මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.


මේ සම්බන්ධව කියන්නට අපට බොහෝ දෑ ඇතත්, අසන්නට ඔබ අලස බැවින් ඒවා පැහැදිලි කිරීම දුෂ්කර ය.


සත්‍යය වෙතින් තම කන් ඉවත හරවා, මිථ්‍යාවන් වෙත මුළාව යනු ඇත.


එවිට තම කන්වල ඇඟිලි ගසා ගත් ඔවුහු, යටි ගිරියෙන් බෙරිහන් දෙමින්, සැවොම එකට දුව ගොස් ස්තේපන් පිටට පැන,


පුරවරයේ මහා වීදිය මැදිනි. ගඟ දෙපස වූයේ, දොළොස් අයුරක පල උපදන, හැම මසකම පල දරන ජීවන වෘක්ෂයයි. ගහේ කොළ ජාතීන්ගේ සුවය පිණිස ය.


එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,


“අහෝ! නුඹ, නුඹට සාමය සලසන දෑ ගැන මේ දවසේදීවත් දැන සිටියා නම්! එහෙත් ඒවා නුඹේ ඇස්වලින් සඟවනු ලැබ තිබේ.


මන්ද තමන්ගේ ඇස්වලින් නො දක්නා පිණිස ද, තම කන්වලින් නො අසන පිණිස ද, තමන්ගේ සිත්වලින් වටහා නො ගන්න පිණිස ද, සුවය ලබන්නට මා වෙත නො හැරෙන පිණිස ද, මොවුන්ගේ හදවත් දැඩිව තිබේ. ඔවුහු නො අසන කන් ඇතිව, තම ඇස් පියාගෙන සිටිති’ යනුයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්