මතෙව් 13:57 - සිංහල කාලීන පරිවර්තනය මෙසේ ඔවුහු උන්වහන්සේට එරෙහි වූහ. එහෙත් යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමෙන්, ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක. Sinhala New Revised Version උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහ. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “දිවැසිවරයෙකුට ගරුබුහුමන් නොලැබෙන්නේ සිය රටේ දීත්, සිය ගෙදර දීත් පමණකැ”යි වදාළ සේක. Sinhala Revised Old Version උන්වහන්සේ ගැන බාධාවූවෝය. නුමුත් යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම ගෙදරදීත් හැර ගෞරව නැතුව නොසිටින්නේයයි ඔවුන්ට කීසේක. |
ඔවුන්ගේ ඇදහිල්ලේ හීනතාවය නිසා, එහිදී උන්වහන්සේ ප්‍රබල ක්‍රියා බොහොමයක් සිදු නො කළ සේක.
යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තම ගම් පෙදෙසට පැමිණි සේක. උන්වහන්සේගේ ගෝලයෝ ද උන්වහන්සේ සමඟ ගියහ.
යේසුස්වහන්සේගේ නාමය ප්‍රසිද්ධ වූයෙන්, හෙරෝද් රජුට ද එය සැල විණි. ඇතැම් දෙනෙක්, “යොහන් බව්තීස්ත මරණින් නැගිට ඇතැයි ද, හාස්කම් බලය ඔහු තුළ ක්‍රියා කරන්නේ එනිසා යැ” යි කීහ.
මේ මරියාගේ පුතා, වඩුවා නො වේ ද? අර යාකොබ්, යෝසෙප්, යූදස් හා සීමොන්ගේ සහෝදරයා නො වේ ද? මොහුගේ සහෝදරියන් සැවොමත් අප අතරේම නො වෙත් දැ?” යි කියමින් ඔවුහු උන්වහන්සේ ගැන බාධා වූහ.
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දිවැසිවරයකුට ඔහුගේම ගමේදීත්, තම නෑයින් අතරින් හා ඔහුගේම ගෘහ වාසීන්ගෙන් හැර, ගෞරවය නො ලැබී යන්නේ නැතැ” යි කී සේක.
“මේ යේසුස්, අර යෝසෙප්ගේ පුතා නො වේ ද? මොහුගේ පියාත් මවත් අප හඳුනද්දී මොහු ස්වර්ගයෙන් බැස ආවා ය කියන්නේ කොහොම දැ?” යි පවසන්නට වූහ.
තම ගෝලයින් ඒ ගැන මැසිවිලි නගන වග තමා තුළ දැනගත් යේසුස්වහන්සේ, “කිම ද? ඔබටත් මෙය පැකිළීමක් ද?