යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
මතෙව් 13:38 - සිංහල කාලීන පරිවර්තනය කුඹුර මේ ලෝකයයි. හොඳ බීජ රාජ්‍යයේ පුත්‍රයෝ ය. කිරිඳි නපුරාගේ පුත්‍රයෝයි. Sinhala New Revised Version කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය. Sinhala New Revised Version 2018 කෙත නම් ලෝකය ය; හොඳ බීජ නම් රාජ්‍යයට අයිති අය ය; කිරිඳි නම් නපුරාට අයිති අය ය. Sinhala Revised Old Version කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය; |
යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.
ඔබ කියන දේ ‘ඔව්’ නම් ඔව් කියා ද හෝ ‘නැත’ නම් නැත කියා ද කීම සෑහේ; ඊට වැඩියෙන් පවසන දෑ එන්නේ නපුරාගෙනි.
අතර, රාජ්‍යයේ පුත්‍රයින් පිටත අන්ධකාරයට හෙළනු ලබන බවයි. එහිදී වැලපීමත්, දත්මිටි කෑමත් වනු ඇතැ” යි පැවසූ සේක.
යෙරුසලමෙන් පටන් ගෙන සෑම ජාතියකටම උන්වහන්සේගේ නාමයෙන් පසුතැවිල්ලත්, පාප කමාවත් ප්‍රකාශ කරන්නටත් යුතුව ඇත’ යනුවෙනි.
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, තිරිඟු ඇටයක් පොළොවට වැටී නො මළොත්, එය තනි ඇටයක්ව පවතී. එහෙත් එය මළොත්, එය බොහෝ පල දරයි.
නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.
“සියලු ආකාර වංචාවෙනුත්, කපටිකමිනුත් අනූන සකල දමිටුකමට සතුරුකම් කරන යක්ෂයාගේ පුත්‍රය, ස්වාමින්වහන්සේගේ හරි මාර්ග මුළා කිරීමෙන් නුඹ නවතින්නේ නැති ද?
එහෙත් මම මෙසේ අසමි: ඔවුන්ට අසන්නට ලැබුණේ නැති ද? සැබවින් ම ඔවුහු එය ඇසූහ. “මන්ද, ඔවුන්ගේ පණිවුඩය, පොළොව මුළුල්ලේ පැතිරේ; ඔවුන් පවසන වචන, ලොව එහා කෙළවරටත් දිවේ.”
ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ
දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.
ඔබ වෙත පැමිණි මෙම ශුභාරංචිය අසා, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය සැබෑවෙන් ඔබ වටහා ගත් දා පටන්, ඔබ මධ්‍යයේ සිදුවන අයුරින්, එය ලොව මුළුල්ලේම පැතිර පල දරමින්, වැඩෙමින් පවතී.
උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.
මේ අහන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, ඇදහිල්ලේ ධනවත් වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේම කරන්නවුන්ට දෙවියන්වහන්සේ පොරොන්දු වූ රාජ්‍යයේ උරුමකරුවන් වන පිණිසත්, මේ ලෝකයේ දුගීන් උන්වහන්සේ තෝරා නො ගත් සේක් ද?
මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.
ප්‍රේමණීයයනි, දැන් අප දෙවියන්වහන්සේගේ දරුවන් ය; අප කෙබඳු අය වේදැයි තවමත් ප්‍රකාශ වී නැත. එහෙත් උන්වහන්සේ ප්‍රකාශ වන කල, අපත් උන්වහන්සේ හා සමාන වන වග අපි දනිමු. මන්ද උන්වහන්සේ සිටින ලෙසම අපි උන්වහන්සේ දකින්නෙමු.
ඉන්පසු වෙනත් දේව දූතයකු, පොළොවේ වෙසෙන හැම ජාතියකට, හැම ගෝත්‍රයකට, හැම භාෂාවකට හා හැම ජනතාවකට ප්‍රකාශ කරන්නට සදාතන ශුභාරංචියක් ඇතිව අහස මැද පියාසර කරනු මම දැක්කෙමි.