ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
මතෙව් 10:12 - සිංහල කාලීන පරිවර්තනය ඔබ ඒ නිවසට ඇතුළු වන කල, ඊට සුබ පතන්න. Sinhala New Revised Version ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. Sinhala New Revised Version 2018 ගෙදරකට ඇතුළු වන විට එයට සුබ පතන්න. Sinhala Revised Old Version ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. |
ඔබ යම් නගරයකට හෝ ගමකට හෝ ඇතුළු වන කල, සුදුසු කෙනකු සොයා බලා, එපෙදෙසින් නික්ම යන තෙක් එහිම නවාතැන් ගන්න.
ඒ නිවස ඊට සුදුසු නම්, ඔබගේ සාමය එහි පවතීවා; එහෙත් එය ඊට නුසුදුසු නම්, ඔබගේ සාමය ආපසු ඔබ වෙත ඒවා.
සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.
එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මඟින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු.
ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.