Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 5:20 - සිංහල කාලීන පරිවර්තනය

20 එබැවින් අප, ක්‍රිස්තුස්වහන්සේ උදෙසා තානාපතීන් ය; දෙවියන්වහන්සේ, අප මඟින් තම ආයාචනා ඉදිරිපත් කරන සේක. දෙවියන්වහන්සේ හා සමඟි වන ලෙස ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් අපි ඔබගෙන් අයදින්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 එබැවින් දෙවියන්වහන්සේ අප ලවා ඉල්වන්නාක්මෙන් අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් තානාපතියෝව සිට: දෙවියන්වහන්සේ හා සමඟිවෙන්නැයි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් නුඹලාගෙන් ඉල්ලමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 5:20
28 හුවමාරු යොමු  

“එවිට හාම්පුතා, ‘මහ මාවත් දිගේත්, දෙවට පාර දිගේත් ගොස්, මගේ නිවස පිරෙන්නට මිනිසුන් කැඳවාගෙන එන්නැයි සේවකයාට කීවා.


මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීතව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.


එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක්දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙසම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.


නැවතත්, “සාමය ඔබ සමඟ වේවා!” යි පැවසූ යේසුස්වහන්සේ, “පියාණන්වහන්සේ මා එවූ ලෙසම මමත් ඔබ යවන්නෙමි” යි පැවසූ සේක.


අලුත් ගිවිසුමක සේවකයින් ලෙසට අප සමත් කළේ උන්වහන්සේ ය. ඒ ගිවිසුම ලිඛිත එකක් නො ව ආත්මයාණන්ගෙනි. මන්ද ලේඛනය මරා දමන්නේ ය; ආත්මයාණෝ ජීවත් කරවන සේක.


“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.


එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.


එබැවින් උන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවන් වශයෙන් අප ඔබෙන් අයැද සිටින්නේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහය නිකරුණේ නො පිළිගන්නා ලෙසයි.


අප සතුරන්ව සිටියදීත් ස්වකීය පුත්‍රයාණන්ගේ මරණය හේතු කොට, දෙවියන්වහන්සේ සමඟ අප සමඟි කරනු ලැබුවා නම්, එසේ සමඟි කරනු ලැබූ අපි, උන්වහන්සේගේ ජීවනය හේතු කොට ඊට කොතරම් වැඩියෙන් ගලවනු නො ලබන්නෙමු ද!


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි.


පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්