රෝම 16:26 - සිංහල කාලීන පරිවර්තනය ඇදහිල්ලේ කීකරුකමට පැමිණෙන පිණිස, සදාතන දෙවියන්වහන්සේගේ ආඥාවට අනුව දිවැස් වැකි ලියවිලි මඟින් සියලු ජාතීන්ගේ ඒ අබිරහස දැන් එළිදරවු කළ Sinhala New Revised Version දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත. Sinhala New Revised Version 2018 දැන් වනාහි ඒ අබිරහස දිවැසිවරයන්ගේ ලියවිලිවලින් අනාවරණය කර ඇත. සියල්ලන් ම අදහා කීකරු වන පිණිස, සදාතන දෙවියන් වහන්සේගේ ආඥාවෙන් එය සකල ජාතීන්ට ප්‍රකාශකොට ඇත. Sinhala Revised Old Version ඒ රහස එළිදරව්වීමේ හැටියටද, මාගේ ශුභාරංචියේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන දේශනාකිරීමේ හැටියටද, නුඹලා ස්ථිරකරන්ට සමර්ථවූ, |
සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.
මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.
කල් ඇතිව උන්වහන්සේ තම දිවැසිවරුන් මඟින් ශුද්ධ ලියවිලි තුළින් පොරොන්දු වූ මෙම ශුභාරංචිය,
මන්ද උන්වහන්සේගේ අදෘශ්‍යමාන ගති-ලක්ෂණ වන උන්වහන්සේගේ සදාතනික බලය හා දිව්‍ය ස්වභාව, ලොව මැවූ තැන් පටන් ඒ මැවිලිවලින්ම වටහා ගත හැකි සේ, සැමට පැහැදිලිව තේරුම් යන බැවින් නිදහසට කියන්න කරුණක් ඔවුනට නැත.
උන්වහන්සේ තුළින් අනුග්‍රහයත්, අපෝස්තලික තනතුරත් අප ලබා ඇත්තේ, සියලු ජාතීන් අතරෙහි උන්වහන්සේගේ නාමය උදෙසා ඇදහිල්ලේ කීකරුකමට පැමිණවීම පිණිස ය.
අන්‍ය-ජාතීන් කීකරුකමට ගෙන ඒමට, මා ලවා ක්‍රිස්තුස්වහන්සේ ඉටු කළ කාරිය ගැන මිස, අන් කවර දෙයක් ගැනවත් කතා කිරීමට එඩිතර නො වෙමි. වචනයෙන් ද ක්‍රියාවෙන් ද
මන්ද පෙර දවස්හි ලියන ලද සියල්ල, ලියනු ලැබ ඇත්තේ අපට උපදෙස් පිණිස ය. ඉවසීම මඟින් හා ශුද්ධ ලියවිලි දිරිගැන්වීම් මඟින් අපට බලාපොරොත්තුව ඇති වන පිණිස ය.
එහෙත් දැන් දහම් නීතියෙන් තොරව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. දහම් නීතිය හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන නමුදු,
දෙවියන්වහන්සේ අන්‍ය-ජාතීන් නිර්දෝෂකමට පමුණුවන්නේ ඇදහිල්ල මඟින් බැව් කල්තියා දත් ශුද්ධ ලියවිල්ල, “සියලු ජාතීන්, ඔබ තුළ ආශිර්වාද ලබනු ඇතැ” යි යන ශුභාරංචිය කල්තියා ආබ්‍රහම්ට ප්‍රකාශ කර ඇත.
තවද උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේ අරමුණු කළ ස්වකීය අභිමතය පරිද්දෙන්, තම කැමැත්ත පිළිබඳ අබිරහස අපට දැනගන්නට සැලසූ සේක.
ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.
ඒ පණිවුඩය, කාල වකවානු හා පරම්පරා ගණනාවක් තිස්සේ රහසිගතව තිබූ නමුදු, දැන් ශුද්ධවන්තයනට හෙළිකර ඇති අබිරහසයි.
අජරාමර, අදෘශ්‍යමාන, එකම දෙවියන්වහන්සේ වූ සදාතනික රජතුමන්හට සදහට ම, ගෞරවයත්, මහිමයත් වේවා! ආමෙන්.
අප ප්‍රකාශ කරන දේව භක්තියේ අබිරහස ඇත්තෙන්ම අති උතුම් ය: උන්වහන්සේ මාංසයෙන් ප්‍රකාශ වූ සේක. නිදොස් බවට ආත්මයාණන්ගෙන් සාක්ෂි ලද සේක. දේව දූතයින් විසින් දක්නා ලද සේක. ජාතීන් අතරේ ප්‍රකාශ කරනු ලැබූ සේක. ලෝකයෙහි අදහා ගනු ලැබූ සේක. තේජසට ඔසවනු ලැබූ සේක.
එහෙත් දැන්, එය එළිදරවු කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස් යේසුස් අප ගැලවුම්කරුවාණන්ගේ ප්‍රකාශ වීම තුළිණි. මරණය විනාශ කළ උන්වහන්සේ ජීවනයත්, අමරණීයත්වයත් එළිදරවු කළේ, ශුභාරංචිය තුළිණි.
ජීවමාන දෙවියන්වහන්සේට සේවය කරන පිණිස, කැළලක් නැතිව තමන්ම, සදාතන ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේට ඔප්පු වූ ක්‍රිස්තුස්වහන්සේගේ ලේ මඟින් ඊට කොතරම් වැඩියෙන් මළ ක්‍රියා වෙතින් අපගේ හදවත් පවිත්‍ර නො කෙරේ ද!
තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.
උන්වහන්සේ දුටු විට මම මළාක් මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තම දකුණු අත මා පිට තබා, මෙසේ පැවසූ සේක: “බය වන්න එපා. පළමුවැන්නාත්, අන්තිමයාත් මමයි.
එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.