Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 13:8 - සිංහල කාලීන පරිවර්තනය

8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත්, අදත්, සදහටත් එකාකාර ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඊයෙත් අදත් සදහටමත් ඒකාකාර ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඊයෙත් අදත් සදාකාලයටත් එකාකාරමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 13:8
19 හුවමාරු යොමු  

හැම හොඳ ත්‍යාගයක්ම, හැම සම්පූර්ණ ත්‍යාගයක්ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි.


“මම, අල්ෆා සහ ඔමෙගා වෙමි, සිටින්නා වූ සිටියා වූ, මතු ද සිටින්නා වූ සර්ව පරාක්‍රමයාණන්වහන්සේ යැ” යි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කියන සේක.


ඔබ ඒවා සළුවක් මෙන් ඔතා දමන සේක; ඇඳුමක් සේ ඒවා මාරු කෙරේ. එහෙත් ඔබ, එක ලෙසම ය. ඔබගේ අවුරුදුවලට කෙළවරක් නැත.”


යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද


මන්ද සිල්වානස්, තිමෝති හා මා යන අප විසින් ඔබ අතරේ ප්‍රකාශිත දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “ඔව්” හා “නැහැ” නො වේ. උන්වහන්සේ තුළ හැම විටම “ඔව්” ය.


“ඔබ දකින දෑ පොතක ලියා, එය එපීසය, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා හා ලවොදීසියා යන සභා හතට යවන්නැ” යි ඉන් කියැවිණි.


මන්ද දෙවියන්වහන්සේගේ සියලු පොරොන්දු, උන්වහන්සේ තුළ “ඔව්” වේ. උන්වහන්සේගේ ගෞරවය පිණිස අප දෙවියන්වහන්සේට අපගේ “ආමෙන්!” යන්න උන්වහන්සේ තුළින් පවසන්නේ එබැවිනි.


අප ගැලවුම්කාර එකම දෙවියන්වහන්සේට, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් තේජෝමහිමයත්, පරාක්‍රමයත්, බලයත්, ආධිපත්‍යයත් සියලු කාලවලට පෙරත්, දැනුත්, සදහටත් වේවා! ආමෙන්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්