අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.
රෝම 16:21 - සිංහල කාලීන පරිවර්තනය මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති. Sinhala New Revised Version මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති. Sinhala New Revised Version 2018 මාගේ සහකාර සේවකයෙකු වන තිමෝතියස් ද මාගේ නෑයන් වන ලුසියස් ද ජාසෝන් ද සෝසිපාතර් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාරය එවති. Sinhala Revised Old Version මාගේ හවුල් සේවකයෙක්වූ තිමෝතියස්ද මාගේ නෑයෝවූ ලූකියස්ද යාසෝන්ද සෝසිපාතර්ද නුඹලාට ආචාරකරති. |
අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.
එබැවින් සහෝදරයෝ ඒ විගස පාවුල් මුහුදු වෙරළට පිටත් කර යැවූහ. එහෙත් සීලස් හා තිමෝති බෙරියාහි නතර වූහ.
එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.
සීලස් හා තිමෝති මකිදෝනියේ සිට පැමිණි පසු, යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේම යැයි යුදෙව්වන්ට සාක්ෂි දරමින් වචනය දේශනා කිරීමට පාවුල් මුළුමනින්ම කැප වූයේ ය.
සිය සහායකයින් වූ තිමෝති හා එරස්තස් මකිදෝනිය වෙත පිටත් කළ පාවුල්, තවත් මඳ කලක් ආසියා කලාපයේ ගත කළේ ය.
ඔහු සමඟ පුරස්ගේ පුත් බෙරියාහි සෝපතර් ද තෙසලෝනික අරිස්තාර්කස් හා සෙකුන්දස් ද දර්බයෙහි ගායස් හා තිමෝති ද ආසියා කලාපයේ තුකිකස් හා ත්‍රොපිමස් ද ගමන් ගත්හ.
මගේ සහෝදර සිරකරුවන් හා මාගේ නෑයින් වන අන්ද්‍රොනිකස් හා ජුනියාටත් ආචාර කරන්න; අපෝස්තුලුවරුන් අතර සුප්‍රසිද්ධ ඔවුන් මට පෙරාතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නවුන් ය.
මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාපලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි.
දෙවියන්වහන්සේගේ කැමැත්ත අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව හා අකාය පුරා සිටින සියලු ශුද්ධවන්තයින් වෙතයි.
මන්ද සිල්වානස්, තිමෝති හා මා යන අප විසින් ඔබ අතරේ ප්‍රකාශිත දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, “ඔව්” හා “නැහැ” නො වේ. උන්වහන්සේ තුළ හැම විටම “ඔව්” ය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.
දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වූ පාවුල් හා අපගේ සහෝදර තිමෝති ද වෙතින්,
පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතිනි. පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය: ඔබට අනුග්‍රහයත්, සාමයත් වේවා!
අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.
කෙසේ වෙතත් ඔබගේ ඇදහිල්ලත්, ඔබගේ ප්‍රේමයත් ගැන සුපුවත් ගෙන තිමෝති දැන් අප වෙත අවුත් සිටී. ඔබ නිබඳව සතුටු සිතින් අප සිහි කරන බවත්, ඔබ දැකුමට අප මහත් ආශාවෙන් සිටින සේ ම, අප දැකුමට ඔබත් දැඩි ආශාවෙන් සිටින බවත්, ඔහු අපට පැවසී ය.
පාවුල්, සිල්වානස් හා තිමෝති වෙතින්, අපගේ පියාණන් වූ දෙවියන්වහන්සේ ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ ද තුළ වූ තෙසලෝනිවරුන්ගේ සභාව වෙත ය:
ඇදහිල්ලේ මගේ සැබෑ දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් හා අප ස්වාමින්වහන්සේ වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා!
එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.
එම්බා තිමෝති, ඔබට බාර දී ඇති දෑ රැකගන්න; හිස් දෙඩවිල්ලෙන් හා දැනුම යැයි බොරුවෙන් හඳුන්වන පරස්පර-විරෝධී අදහස්වලින් ද වළකින්න.
මා ප්‍රේමණීය දරුවා වන තිමෝති වෙතයි: පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේගෙන් හා ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේගෙන් ඔබට අනුග්‍රහයත්, දයාවත්, සාමයත් වේවා.
අප සහෝදර තිමෝතියස් නිදහස් වී ඇති බැව් ඔබට දන්වනු කැමැත්තෙමි. ඔහු ඉක්මනින් පැමිණියහොත් ඔහු සමඟ ඔබ හමුවට එන්නෙමි.