ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




රෝම 11:10 - සිංහල කාලීන පරිවර්තනය

නො පෙනෙන පිණිස ඔවුන්ගේ ඇස් අඳුරු වේවා. ඔවුන්ගේ පිටකොන්ද සදහට ම නැමී යේවා” යනුවෙනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නොපෙනෙන සේ ඔවුන්ගේ ඇස් ඇඳිරි වේ වා, නිතර ම ඔවුන්ගේ පිටකොන්ද බරෙන් නැමුව මැනව”යි කියයි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නොපෙනෙන සේ ඔවුන්ගේ ඇස් ඇඳිරි වේ වා, නිතර ම ඔවුන්ගේ පිටකොන්ද බරෙන් නැමුව මැනව”යි කියයි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නොපෙනෙන ලෙස ඔවුන්ගේ ඇස් අඳුරුවේවා, නිතරම ඔවුන්ගේ පිට නැමුව මැනවයි කියයි.

පරිච්ඡේදය බලන්න



රෝම 11:10
13 හුවමාරු යොමු  

මන්ද ඔවුන් දෙවියන්වහන්සේ දැන දැනත්, දෙවියන්වහන්සේට මෙන් උන්වහන්සේට ගෞරව දැක්වූයේ නැත; උන්වහන්සේට ස්තුති කළේ ද නැත. එබැවින් ඔවුන්ගේ මත වාද වැඩකට නැති වී, ඔවුන්ගේ නිස්සාර හදවත් අඳුරු කරනු ලැබ ඇත.


මෙසේ ලියා ඇති පරිද්දෙනි: “දෙවියන්වහන්සේ ඔවුනට සිහිමුළා ආත්මයක් ද නො පෙනෙන ඇස් ද නෑසෙන කන් ද මේ අද දවස දක්වාම දුන් සේක.”


තම හදවත්වල දැඩිකම නිසා, අනාවබෝධය හේතුවෙන්, ඔවුහු සිටින්නේ තම වැටහීම අඳුරු කරගෙන, දෙවියන්වහන්සේගේ ජීවනයෙන් ද වෙන්ව ය.


මොවුන් ජලය නැති උල්පත් ය; කුණාටුවෙන් පලවා හැරෙන මීදුමක් ය. ඔවුන්ට වෙන් කර ඇති තැන ඝන අන්ධකාරයයි.


මන්ද දේව දූතයින් පව් කළ කල්හි දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් දීමෙන් නො වැළකී, විනිශ්චය තෙක් ඔවුන් රඳවා තබන්නට නිරයට යවා, ඝන අන්ධකාර බන්ධනයේ හෙළූ සේක් නම්,


තම නිර්ලජ්ජිත පෙණ නංවන මුහුදේ සැඩ රැළි ය. මංමුළා වූ තාරකා ය. ඝන අන්ධකාරයේ කළුවර සදහට ම ඔවුන්ට වෙන් කර ඇත.


හා තමන් ලත් අධිපති නිලයේ නො පැවත, තමන්ට නියමිත නිවහන් අත්හළ දේව දූතයින්, ඒ මහා දවසේ විනිශ්චය සඳහා සදාතන බැඳුමින් බඳිනු ලැබ, අන්ධකාරය යට උන්වහන්සේ විසින් රඳවා තබා ඇති වග ය.