එහෙත් සමහර කරුණු ඔබට යළි සිහි ගන්වමින්, එඩිතරවම මා ඔබට ලියුවේ දෙවියන්වහන්සේ මට දෙන ලද අනුග්‍රහයට අනුව ය.
යූද් 1:5 - සිංහල කාලීන පරිවර්තනය ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි. Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි. Sinhala Revised Old Version ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි. |
එහෙත් සමහර කරුණු ඔබට යළි සිහි ගන්වමින්, එඩිතරවම මා ඔබට ලියුවේ දෙවියන්වහන්සේ මට දෙන ලද අනුග්‍රහයට අනුව ය.
මන්ද අසා, කැරලි ගැසුවෝ කවරහු ද? ඔවුහු මෝසෙස්ගේ මඟ පෙන්වීම යටතේ ඊජිප්තුවෙන් නික්ම ආ සියල්ලෝ නො වෙත් ද?
ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින්ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතිවිලි පුබුදාලීමටයි.
මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත.