Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 2:21 - සිංහල කාලීන පරිවර්තනය

21 මා ඔබට ලියන්නේ ඔබ සත්‍යය නො දන්නා නිසා නො වේ. ඔබ එය දන්නා නිසා ය. මන්ද සත්‍යයේ කිසි බොරුවක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 මා ඔබට ලියා එවූයේ ඔබ සත්‍යය නොදන්නා නිසා නොව, එය දන්නා නිසාත්, සත්‍යයෙන් කිසි බොරුවක් හට නොගන්නා බව දන්නා නිසාත් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 මා නුඹලාට ලියා එවුවේ නුඹලා සැබෑව නොදන්නා බැවින් නොව, නුඹලා සැබෑව දන්න නිසාත් සැබෑවෙන් කිසි බොරුවක් හට නොගන්න නිසාත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 2:21
9 හුවමාරු යොමු  

මේ දෑ ඔබ දනිතත්, දැනට ඔබ අත්කර ගෙන ඇති සත්‍යතාවෙහි ඔබ ස්ථාවරව පිහිටා සිටිතත් මෙසේ මම නිරතුරු මේ දෑ ඔබට සිහි කරමි.


ඔබ මෙය මුළුමනින් දැන සිටියත්, මේවා ඔබට මතක් කර දෙන්නට කැමැත්තෙමි; එක් වරක් ස්වාමින්වහන්සේ ජනතාවක් ඊජිප්තු දේශයෙන් මුදා, විශ්වාස නො කළවුන් පසුව විනාශ කර දැමූ වග


නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.


“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබම කියයි. මා ඉපදුනේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක්ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.


මෙය සිහි තබාගන්න, මා ප්‍රේමණීය සහෝදරයිනි, හැම කෙනෙක්ම ඇසීමට ඉක්මන් වන්න. කතා කිරීමට පමා වන්න. කෝපවීමටත් පමා වන්න.


අප සත්‍යයට අයත් බව දැනගන්නේත්, උන්වහන්සේ ඉදිරියේ අප හදවතේ සහතිකයක් ඇති කරගන්නේත් මෙලෙසිනි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්