ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යූද් 1:10 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් මොව්හු තමුන් නොදන්නා කොයි දේටත් නින්දාකරති. නුවණ නැති තිරිසනුන් ලෙස ජම්මගතියෙන් ඔවුන්ට තේරෙන මේ දේවලින් තුමූම විනාශකරනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න



යූද් 1:10
4 හුවමාරු යොමු  

සැබවින් ම, දහම් නීතිය නැති අන්‍ය-ජාතීන් එහි නියමයන් නිසඟයෙන් පිළිපදින කල, නීතිය ඔවුන් සතුව නො මැති වුවත්, ඔවුන්ම ඔවුන්ට නීතිය වී තිබේ.


ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කරගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය.


එහෙත් මේ මිනිස්සු තමනට නො වැටහෙන දේට අපහාස කරති. මොවුන් සමාන වන්නේ අල්ලා, මරා දමනු ලබන්නට පමණක් උපන් අනුවණ සතුන් වූ වන මෘගයනට ය. ඒ සතුන් මෙන් මොවුහු ද විනාශයටම යනු ඇත.