Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 3:19 - සිංහල කාලීන පරිවර්තනය

19 ඔවුන්ගේ අවසානය විනාශයයි; ඔවුන්ගේ දෙවියන් ඔවුන්ගේ බඩ ය; ඔවුන් පාරට්ටු කරගන්නේ තමන් ලජ්ජා විය යුතු දෑ ගැන ය. ඔවුන්ගේ මනස රැඳී ඇත්තේ ලෞකික දෑ පිට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලො‍් දේ ගැන පමණ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔවුන්ගේ අවසානය විනාශය වේ; ඔවුන්ගේ දෙවියෝ මාංසික තෘෂ්ණාවෝ වෙති; ලජ්ජා විය යුතු දේ ගැන ඔව්හු පාරට්ටු කර ගනිති; ඔවුන්ගේ කල්පනාව මෙලො‍් දේ ගැන පමණ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 3:19
52 හුවමාරු යොමු  

එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.


මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.


පොළොව පිට ඇති දෑ මත නො ව, උසස් තැන්හි ඇති දෑ මත ඔබගේ සිත් රඳවන්න.


එකල ජනතාව අතරේ බොරු දිවැසිවරුන් වූ සේ ම ඔබ අතරේ ද බොරු ගුරුන් ඇති වන්නේ ය. මෙම බොරු ගුරුවරු තමන්ව මිලදී ගත් ස්වාමියාණන් පවා ප්‍රතික්ෂේප කරමින්, තමන් පිට සීඝ්‍ර විනාශයක් පමුණුවා ගනිමින්, විනාශකාරී මිථ්‍යා-ධර්ම හොර රහසේම හඳුන්වා දෙති.


එබැවින් ඔහුගේ සේවකයින් ද ධර්මිෂ්ඨකමේ සේවකයන්ගේ වෙස් ගැනීම අරුමයක් නො වේ. ඔවුන්ගේ අවසානය ඔවුන්ගේ ක්‍රියාවන්ට අනුරූපී වනු ඇත.


අප කරන දෑ හා සම තත්වයක ගැණෙන පිණිස තමන් කරන දේ ගැන පාරට්ටු කර ගැනීමට කැමතිවූවන්ගේ බල බිඳින පිණිස, කරන දේ මම ඉදිරියටත් කරගෙන යන්නෙමි.


තමන් විසින් කරන ලද පීඩාවේ කුලිය වශයෙන් ඔවුන් පීඩා විඳිනු ඇත. මහ දවල් මධු-සාද පැවැත්වීම ඔවුන්ගේ ප්‍රීතියේ අරමුණයි. ඔවුන් ඔබ සමඟ සංග්‍රහ විඳින කල, තමන්ගේ තෘෂ්ණා රැවටිලිකාරීව ප්‍රදර්ශන කරන කල, එහි පලුදු හා කැළැල් ද ඔවුන්ම ය.


චර්මඡේදිත මොවුන් පවා දහම් නීතිය පිළිපදින්නේ නැත. එහෙත් ඔබත් චර්මඡේද කරවන්නට ඔවුන්ට ඕනෑව ඇත්තේ, ඔබේ මාංසය ගැන පුරසාරමට ය.


එහෙත් බියසුල්ලන්, අවිශ්වාසිකයින්, පිළිකුල්කම් කරන්නන්, මිනීමරුවන්, ලිංගික අපචාරීන්, මන්තර ගුරුකම්කරුවන්, පිළිම රූප වඳින්නන් හා සියලු බොරුකරුවන් යන අයට හිමි තැන, ඇවිළෙන ගෙන්දගමින් යුත් ගිනි විලයි. එය දෙවන මරණය යැ” යි පැවසූ සේක.


ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද?


පිටත සිටින්නෝ බල්ලෝ ය. මන්තර ගුරුකම්කරුවෝ ය, ලිංගික අපචාරීහු ය, මිනීමරුවෝ ය, පිළිම රූප වඳින්නෝ ය, මිථ්‍යාවට ආලය වී, ඒ අනුව ක්‍රියා කරන්නෝ ය.


මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.


ද්‍රෝහීන්ව, නො සැලකිලිමත්වූවන්ව, මානයෙන් උදම්වූවන්ව, දෙවියන්වහන්සේට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන්නන්ව,


භක්තිවන්තකම ලාභ ඉපැයීමේ මාර්ගයකැයි සිතන, සත්‍යයෙන් ගිලිහී ගියාවූත්, මනස් දූෂිතවූත් මිනිසුන් අතර නිරන්තර අඩ දබරවලට ද මඟ පෑදෙයි.


සත්‍යය විශ්වාස නො කොට අධර්මිෂ්ඨකම තුළ සතුටු වූ සියල්ලන් දඬුවමට පත් කරන පිණිසත් ය.


හැම කෙනකුම බලන්නේ තම ලාභ-ප්‍රයෝජනය මිස, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා ගැන නො වේ.


ඔබේ පුරසාරම හොඳ නැත. මුහුන් ඇබින්දකින් මුළු පිටි පිඩ පිපෙන බව ඔබ දන්නේ නැති ද?


එහෙත් නුඹලා උදාරමින්! කළ යුතුව ඇත්තේ ශෝක වීම නො වේ ද? මේ දේ කළ පුද්ගලයා ඔබ අතරෙන් පහකර දමනු ලැබේවා.


එහෙත් මෘගයා අල්ලා ගනු ලැබිණ. තවද මෘගයාගේ සලකුණ ලැබූ හා උගේ පිළිරුවට නමස්කාර කළවුන් රවටමින් මෘගයා ඉදිරියේ ඌ වෙනුවෙන් හාස්කම් ලකුණු පෑ බොරු දිවැසිවරයා ද අල්ලා ගනු ලැබිණි. ඔවුහු දෙදෙනා පණ පිටින්ම ඇවිළෙන ගෙන්දගමින් යුතු නිරාගිනි විලට හෙළනු ලැබූහ.


එහෙත් ඔබ, දැන් අහංකාරයෙන් පාරට්ටු කරගනී. එවැනි සියලු පාරට්ටු දුෂ්ටකමකි.


නොපනත්කමේ මිනිසා එළිදරවු කරනු ලබන්නේ ඉන්පසුව ය; යේසුස් ස්වාමින්වහන්සේ සිය මුවෙහි හුස්මෙන් ඔහු නසා හෙළා, ස්වකීය ආගමනයේ තේජසින් ඔහු වනසනු ඇත.


“කලක් ඔහු එය ප්‍රතික්ෂේප කළා. එහෙත් පසුව ඔහු කල්පනා කරමින්, ‘මා දෙවියන්වහන්සේට බය නැතත්, මිනිසුන් ගැන සැලකුවේ නැතත්,


“අගනා දම් පැහැ සළු හා සිනිඳු හණ පිළි හැඳ, දිනපතා සුඛ විහරණයෙන් කල් ගෙවූ ධනවතෙක් සිටියා.


ඉන්පසු මම, මටම මෙසේ කියමි, “මගේ ජීවය, වසර ගණනාවකට සෑහෙන්න හොඳ බඩු තොගයක් ගොඩගසා තිබේ. පහසු ගන්න; කන්න, බොන්න, ප්‍රීති වන්නැ” ’ යි කියා ගත්තේ ය.


“ඉන්පසු උන්වහන්සේ තමන් වම් පස සිටින්නවුන් අමතමින්, ‘මා වෙතින් ඉවත්ව යනු, ශාප ලද්දෙනි, යක්ෂයාටත් උගේ දූතයින්ටත් පිළියෙලව ඇති සදාතන ගින්නට යනු.


එහෙත් උන්වහන්සේ හැරී, පේතෘස් අමතමින්, “සාතන් මා පස්සට යව; නුඹ මට බාධකයක්; මන්ද නුඹ නුඹේ මනස යොමු කර ඇත්තේ දෙවියන්වහන්සේගේ කාරණා ගැන නො වේ; මිනිසුන්ගේ කාරණා ගැන යැ” යි පැවසූ සේක.


ඇය තමාම වර්ණනා කර ගනිමින් සුඛ විහරණයෙන් ජීවත් වූ පමණට, එපමණටම ඇයට වධ දෙන්න; ශෝකයට පමුණුවන්න. මන්ද ඇය තම හද තුළ උදාරමින්, ‘මම රැජිනක් සේ හිඳගනිමි; මා වැන්දඹු වන්නේ නැත; කිසි කල ශෝකය දකින්නේ ද නැතැ’ යි කියන්නී ය.


මන්ද ඈත අතීතයේදී, මේ දඬුවමට නියම කරනු ලැබූ ඇතැම් දෙනෙක් හොර රහසේ ඔබ අතරට රිංගාගෙන සිටින බැවිනි. අභක්තිකයින් වූ ඔවුහු අපගේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහය, දුරාචාරය සඳහා වූ බලපත්‍රයකට හරවාගෙන, අපගේ එකම ස්වාමියාණන් ද පරමාධිපතියාණන් ද වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රතික්ෂේප කරති.


ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි.


ඔවුහු සදාතන විනාශයේ දඬුවම් ලැබ, ස්වාමින්වහන්සේගේ අභිමුඛයෙන් හා උන්වහන්සේගේ පරාක්‍රමවත් තේජස ඉදිරියෙන් නෙරපා දමනු ලබන්නේ,


එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්