තීතස් 2:15 - සිංහල කාලීන පරිවර්තනය මේ දෑ ප්‍රකාශ කරන්න. පූර්ණ ආධිපත්‍යයෙන් යුතුව අවවාද කරන්න; තරවටු කරන්න. ඔබ සුළු කොට තකන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. Sinhala New Revised Version සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. Sinhala New Revised Version 2018 සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. Sinhala Revised Old Version මේ දේවල් සියලු ආකාර බලය ඇතුව කියා, අවවාදකොට, තරවටුකරන්න. කිසිවෙකුට නුඹ සුළුකොට සිතන්ට ඉඩනාරින්න. |
උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔවුහු විස්මිත වූහ. මන්ද දහම් ගුරුන් මෙන් නො ව, උන්වහන්සේ ආධිපත්‍යය ඇත්තකු මෙන් ඉගැන්වූ බැවිනි.
විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර ප්‍රශ්න කරමින්, “මොකක් ද මේ? ආධිපත්‍යයෙන් යුතු අලුත් ඉගැන්වීමක්! මෙතුමා යක්ෂාත්මයන්ට පවා අණ දෙනවා; ඔවුන් ද එතුමන්ට කීකරු වෙනවා” යි කීවෝ ය.
ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.
එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.
එහෙත් සෙසු අය ද බය ඇතිව සිටින පිණිස, දිගටම පව් කරන්නවුනට සෙසු අය ඉදිරියේ ප්‍රසිද්ධියේ තරවටු කරන්න.
වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය.
මේ කියමන සත්‍යයකි. එබැවින් ඔවුන්ට තදින් තරවටු කරන්න. එසේ කළ යුත්තේ, ඔවුන් සාර ඇදහිලිවතුන් වන පිණිසත්,
යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.