Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 16:11 - සිංහල කාලීන පරිවර්තනය

11 එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එබැවින් කිසිවෙක් ඔහු හෙළා නොදකී වා. ඔහු මා වෙත එන පිණිස, ඔහුගේ ගමන සතුටු සිතින් යාමට කටයුතු කරන්න. මන්ද, මම සහෝදරයන් සමඟ ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එබැවින් කිසිවෙක් ඔහු සුළුකොට නොසිතාවා. නුමුත් ඔහු මා ළඟට එන පිණිස සමාදානයෙන් ඔහුගේ ගමනෙහි යවන්න. මක්නිසාද ඔහු සහෝදරයන් සමඟ එනවා බලා සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 16:11
10 හුවමාරු යොමු  

ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබම ආදර්ශයක් වන්න.


මද කලක් ඔවුන් එහි ගත කළ පසු, සහෝදරයෝ ඔවුන් එවනු ලැබූවන් වෙත සාමයෙන් ඔවුන් ආපසු පිටත් කර යැවූහ.


මේ දෑ ප්‍රකාශ කරන්න. පූර්ණ ආධිපත්‍යයෙන් යුතුව අවවාද කරන්න; තරවටු කරන්න. ඔබ සුළු කොට තකන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න.


තිමෝති ඇවිත් ඔබ අතර සිටින අතරතුර, අපහසුතාවක් නැතිව සිටින්නට ඔහුට ඉඩ සලසන්න; මන්ද ඔහු කරන්නේ ද මා මෙන්ම ස්වාමින්වහන්සේගේ වැඩයි.


පසුව මා කොතැනකට යතත්, මගේ ගමනට ඔබේ උපකාරය ලැබෙන පිණිස, ඇතැම් විට මද කලක් හෝ ශීත සෘතුවම, ඔබ හා නවතින්නට මට හැකි වෙයි.


ඔබගේ ප්‍රේමය ගැන ඔවුහු සභාව ඉදිරියේ සාක්ෂි දැරූහ. දෙවියන්වහන්සේට ඔබින පරිද්දෙන්, ඔබ ඔවුන්ගේ ගමනට උපකාර කරන්නේ නම් යහපති.


එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.


“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.


සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.


මට ඕනෑ වූයේ, මකිදෝනිය බලා මා යද්දී ඔබ වෙත එන්නටත්, මකිදෝනියේ සිට ආපසු එද්දී යළි ඔබ වෙත එන්නටත්, එතැන් සිට යුදය දක්වා මගේ ගමන ඔබ ලවා ඇරලවා ගන්නටත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්