Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 7:29 - සිංහල කාලීන පරිවර්තනය

29 මන්ද උන්වහන්සේ ඉගැන්වූයේ, ඔවුන්ගේ දහම් ගුරුන් මෙන් නො ව, ආධිපත්‍යය ඇත්තකු ලෙසිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 මන්ද, උන් වහන්සේ ඔවුන්ගේ විනයධරයන් මෙන් නොව, ආධිපත්‍යය ඇත්තෙකු මෙන් ඔවුන්ට අනුශාසනා කළ හෙයිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 7:29
23 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ද පිළිතුරු දෙමින්, “මා මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයක් පිටදැයි මාත් ඔබට කියන්නේ නැතැ” යි පැවසූ සේක.


එහෙත් ඔහු කතා කළ ප්‍රඥාවට හා ආත්මයාණන්ගේ බලයට එරෙහිව නැගී සිටීමට ඔවුහු අපොහොසත් වූහ.


මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභා කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.


යේසුස්වහන්සේ ඔවුන් වෙත අවුත්, “ස්වර්ගයේත්, පොළොවේත් සියලු ආධිපත්‍යය මට දී තිබේ.


එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.


එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරයකදී හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.


එහෙත් මා ඔබට කියන්නේ, ස්ත්‍රියක දෙස රාගයෙන් බලන කවරකු වුව, ඒ වන විටත්, තම හදවතින් ඇය හා පරදාර සේවනයේ යෙදී ඇති වගයි.


මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැතිනම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.


යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.


උන්වහන්සේ කන්දේ සිට පහළට බැස ආ කල, විශාල පිරිසක් උන්වහන්සේ පසුපස ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්