ගලාති 5:15 - සිංහල කාලීන පරිවර්තනය එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න. Sinhala New Revised Version එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. Sinhala New Revised Version 2018 එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න. Sinhala Revised Old Version නුමුත් නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න. |
ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද?
මන්ද යමකු ඔබ වහලකු කර ගත්තත්, යමකු ඔබ ගිල දැමුවත්, ඔබෙන් අයුතු ප්‍රයෝජන ගත්තත්, යමෙක් ඔබට අධිපතිකම් පෑවත්, ඔබට අතුල් පහර දුන්නත් ඔබ ඒ සියල්ලම දරා ගනිති.
මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.
පිළිම වැඳීම, මන්තර ගුරුකම්, හතුරුකම, කලහ, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, භේද-භින්න, අසමඟිය, පිල් බෙදීම්,
ඔය බල්ලන්ගෙන් පරෙස්සම් වන්න! ඔය දුෂ්ටකම් කරන්නන්ගෙන් පරෙස්සම් වන්න! ඔය මාංසයේ අංග-ඡේදන කරන්නන්ගෙන් පරෙස්සම් වන්න!
ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.
එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාශ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න.