Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 12:20 - සිංහල කාලීන පරිවර්තනය

20 මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඔබ වෙත පැමිණි විට, මා සිතනවාට වඩා ඔබ වෙනස් වී ඇද්දෝ කියාත්, ඔබ සිතනවාට වඩා මා වෙනස් වී ඇද්දෝ කියාත් මට බියක් ඇත. යම් විධියකින් ආරාවුල්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කෙළාම්, ඕපාදූප, අහංකාරය හා අවුල්වියවුල් ආදිය ද, ඔබ අතර තිබේ දෝ යි මට බියක් තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 12:20
34 හුවමාරු යොමු  

එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න.


එහෙත් ඔබ, එකිනෙකා සපා ගනිමින්, ගිලගනිමින් සිටිනවා නම්, එකිනෙකා අතින් විනාශ නො වන්නට බලා ගන්න.


මා සහෝදරයිනි, ඔබ අතරේ ආරවුල් ඇති වග ක්ලෝයීගේ පවුලේ අය ඔබ ගැන මට දන්වා තිබේ.


සියලු ආකාර අධර්මිෂ්ඨකමින්, දුෂ්ටකමින්, තණ්හාවෙන් හා ද්වේෂයෙන් පුරවනු ලැබ සිටින ඔවුහු, ඊර්ෂ්‍යාවෙන්, මිනීමැරීමෙන්, කලහයෙන්, වංචාවෙන් හා ක්‍රෝධයෙන් පිරී සිටිති. ඔවුහු ඕපාදූප පතුරන්නෝ ය;


මොවුහු මැසිවිලි නගන්නෝ ය; කොඳුරන්නෝ ය; තමන්ගේ දුෂ්ට තෘෂ්ණා අනුව යන්නෝ ය; මොවුහු තම වාසිය තකා පක්ෂවාදී, වාචාල පුරසාරම්කරුවෝ ය.


මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,


තවද කුඩුකේඩුකමින් යුතුව එකිනෙකා කුපිත කරවන පුහු අහංකාරීන් බවට පත් නො වෙමු.


මා නැවත ආ කල, මගේ දෙවියන්වහන්සේ ඔබ ඉදිරියෙහි මා යටත් කරනු ඇත කියා ද ඉහතදී පවෙහි ගැලුණු බොහෝ අය තමන් පිනවා ගනිමින් කළා වූ අපවිත්‍රකම්, ලිංගික අනාචාර හා කාමුක සල්ලාලකම් ගැන පසුතැවිලි නො වීමෙන් ඒ අය ගැන මට වැලපෙන්නට වේ දෝයි කියා ද මම බය වෙමි.


කලින් පව් කර තිබූ අයට හා සෙසු හැමට අවවාද කර ඇත්තෙමි. මා ආපසු පැමිණියහොත්, ඔවුන්ට අනුකම්පාවක් දක්වන්නේ නැති වග දෙවන වරට මා ඔබ වෙත ආ කල, ඔබ ළඟ සිට කී ලෙස, දැන් දුර සිට ද අවවාද කරමි.


ඔබගේ කීකරුකම සම්පූර්ණ වූ කල, හැම අකීකරුකමකටම දඬුවම් දීමට සූදානමිනි.


අප මාංසික ලෙස හැසිරෙතැයි අප ගැන සිතන ඇතමුන්ට එරෙහිව මා ආ කල්හි, සහතික වශයෙන් මා අපේක්ෂා කරන පරිදි එඩිතරකම් පෑමට නො සලස්වන මෙන් ඔබගෙන් ඉල්ලමි.


යළිත් මා කොරින්තිය වෙත පැමිණීමෙන් වැළකුණේ, ඔබගේ සිත් නො රිදවීමට බැව් සාක්ෂි දීමට මම දෙවියන්වහන්සේට හඬ ගසමි.


මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළම තිබෙන පරිදි එසේ ය.


අවලාද නගන්නෝ ය; දෙවියන්වහන්සේට වෛර කරන්නෝ ය; අහංකාරීහු ය; මාන්නාධිකයෝ ය; පුරසාරම් දොඩන්නෝ ය; දුෂ්ට උගුල් අටවන්නෝ ය; මව් පියන්ට අකීකරුවන්නෝ ය;


එහෙත් ආත්මාර්ථයෙන් යුතුව, සත්‍යයට කීකරු නො වී, අධර්මිෂ්ඨකමට කීකරු වන්නන්ට උදහසත්, උග්‍ර-කෝපයත් වේ.


එහෙත් නුඹලා උදාරමින්! කළ යුතුව ඇත්තේ ශෝක වීම නො වේ ද? මේ දේ කළ පුද්ගලයා ඔබ අතරෙන් පහකර දමනු ලැබේවා.


එබැවින් තවත් වේදනාකාරී බැහැදැක්මක් නො කිරීමට මම සිතින් නියම කර ගතිමි.


සහෝදරයිනි, එකිනෙකාට එරෙහිව නපුර නො පවසන්න. තම සහෝදරයාට එරෙහිව කතා කරන්නා, තම සහෝදරයා විනිශ්චය කරන්නා, දහම් නීතියට එරෙහිව කතා කරයි; නීතිය විනිශ්චය කරයි. ඔබ නීතිය විනිශ්චය කරන්නේ නම්, තවදුරටත් ඔබ නීති පිළිපදින්නෙක් නො ව විනිශ්චයකරුවෙක් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්