“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩබිම හරහා සැරි සරති. එසේ හරවාගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති.
ගලාති 4:17 - සිංහල කාලීන පරිවර්තනය ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගි වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කරගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි. Sinhala New Revised Version මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි. Sinhala New Revised Version 2018 මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි. Sinhala Revised Old Version ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිතවන පිණිස නුඹලා අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති. |
“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයින් වන නුඹලාට වන විපතක මහත! එක් කෙනකු හරවා ගන්නට නුඹලා මුහුද හා ගොඩබිම හරහා සැරි සරති. එසේ හරවාගත් පසු, නුඹලා මෙන් දෙගුණයක නිරයේ පුතකු බවට නුඹලා ඔහු පත් කරති.
හරි වැටහීමෙන් තොරව වුව ද, ඔවුන් දෙවියන්වහන්සේ වෙත දැඩි උද්යෝගයෙන් සිටින බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි.
එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.
ඔබ හැම දේකදීම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන්වූ සම්ප්‍රදායයන්, මා ඔබට භාර කළ ලෙසම පවත්වන නිසාත් මම ඔබ පසසමි.
ඔබට අවශ්‍ය සියල්ල දැනටම ඔබට ලැබිලා! දැනටමත් ඔබ ධනවත් වෙලා! අප නො මැතිව ඔබ රජවරුන් බවට පත් වෙලා! ඔබ රජකම් කළෝ නම් අපටත් ඔබ සමඟින් රජකම් කරන්නට තිබුණි!
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,
මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.