Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගලාති 4:17 - Sinhala New Revised Version

17 මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගි වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කරගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මා ඉහත සඳහන් කළ පුද්ගලයන් ඔබට හිතවත්කමක් දක්වන නමුත්, එසේ කරන්නේ හොඳ අදහසකින් නොවේ. ඔවුන්ගේ අදහස නම්, ඔබ මා කෙරෙන් වෙන් කොටගෙන ඔබගේ සිත් දිනා ගැනීම යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 ඔවුන් නුඹලා ගැන ජ්වලිතව සිටින්නේ යහපත් ආකාරයෙන් නොවේය. නුමුත් අනික් අතට නුඹලා ඔවුන් ගැන ජ්වලිතවන පිණිස නුඹලා අපෙන් වෙන්කරගන්ට ඔව්හු ආශාවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 4:17
14 හුවමාරු යොමු  

“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.


දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි.


එබඳු අය අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට නොව, උදරයට සේවය කරති; මිහිරි ඉව්චා බසින් අහිංසක අය මුළා කරති.


ඔබ නිතර ම මා සිහි කරන බැවින් ද මා ඔබට බාර දුන් සම්ප්‍රදායයන් ඔබ පවත්වන බැවින් ද මම ඔබට ප්‍රශංසා කරමි.


මා ඔබ වෙත නොඑති යි කියමින් සමහරුන් අහංකාර වී ඇත.


අවශ්‍ය හැම දේ ම දැනට ම ඔබට ඇත; දැනට ම ඔබ ධනවත් ය. දැනට ම අප නැතුව ඔබ රජවරු ය. ඔබ සැබෑවට ම රජවරු නම් මම කෙතරම් කැමැති වෙම් ද? එවිට අපටත් ඔබ සමඟ රජවරුන් වෙන්න ඉඩ තිබිණි.


එහෙත් සර්පයා, සිය උපායෙන් ඒව රැවටුවාක් මෙන්, යම් විධියකින්, ඔබේ සිත් දූෂණය වී, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි පැවති ඔබේ අවංක බව හා නිර්මලතාව පිරිහෙනු ඇත්දැ යි මට භයක් ඇත.


දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?


යහපත සඳහා මිනිසුන්ගේ සිත් දිනාගැනීම, මා ඔබ සමඟ සිටින විට පමණක් නොව, කොයි වේලේත් හොඳ දෙයකි.


සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.


ඔව්හු අහංකාර නිෂ්ඵල වචන දොඩමින්, වරදෙහි වසන්නන් කෙරෙන් යන්තම් ගැළවී යන අය, කාම තෘෂ්ණාවෙන් පොළඹවා ගනිති.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්