Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 4:16 - සිංහල කාලීන පරිවර්තනය

16 ඔබට ඇත්ත කීමෙන් දැන් මා ඔබට සතුරකු වෙලා ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දැන් මා ඇත්ත කතා කරන නිසා ම මම ඔබට සතුරෙක් වී සිටිම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එසේවී නම් මම නුඹලාට සැබෑව කියන බැවින් නුඹලාට සතුරෙක් වී සිටිම්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 4:16
17 හුවමාරු යොමු  

ඔබ සිටියේ හොඳින් දුවමිනි; සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුරු ද?


එනමුත් මා සත්‍යය පවසන බැවින්, නුඹලා මා විශ්වාස කරන්නේ නැත.


එහෙත් ශුභාරංචියේ සත්‍යතාව ඔබ සමඟ රැඳී පවතින පිණිස එක් පැයකටවත් අප ඔවුනට යටත් වී ඉඩ දුන්නේ නැත.


ඔබට වෛර කරන්නට ලෝකයට නුපුළුවන; එහෙත් එය මට වෛර කරයි. මන්ද එහි වැඩ නපුරු බවට මා සාක්ෂි දරන බැවිනි.


මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”


ඒ සොම්නසට මොකද වුණේ? කළ හැකි විණි නම්, ඔබගේ ඇස් වුව උගුලා මට දෙන්නට තරම් ඔබ ලෙන්ගතුව සිටි වග මට සහතික ය.


ඔබ දිනා ගන්නට ඔවුන් උද්යෝගි වන්නේ හොඳ අරමුණකින් නො වේ. ඔවුන්ට වුවමනා ඔබ අහක් කරගෙන, ඔබගේ උද්යෝගය ඔවුන් වෙත යොමු කරවා ගැනීමයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්