ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




කොලොස්සි 2:18 - සිංහල කාලීන පරිවර්තනය

ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පහත්වීමටද දේවදූතයන්ට නමස්කාරකිරීමටද කැමතිවීමෙන් දිනුම නුඹලාගෙන් පහකරන්ට කිසිවෙකුට ඉඩ නාරින්න. එබඳු තැනැත්තා තමා දුටු දේවල හැසිරෙමින්, තමාගේ මාංසික බුද්ධියෙන් නිරර්ථකලෙස උඩඟුවී,

පරිච්ඡේදය බලන්න



කොලොස්සි 2:18
42 හුවමාරු යොමු  

මන්ද හැකි වේ නම්, තෝරා ගත්තවුන් පවා මුළා කරන පිණිස, ව්‍යාජ ක්‍රිස්තුවරුන් හා ව්‍යාජ දිවැසිවරුන් නැගිට, මහත් ලකුණු හා හාස්කම් දක්වනු ඇත.


මන්ද ඔවුන් දෙවියන්වහන්සේ පිළිබඳ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් මාරු කරගෙන, මැවුම්කරුවාණන්ට වඩා මැවිල්ලට වන්දනා ද මෙහෙවර ද කළ නිසා ය. උන්වහන්සේ සදහට ම ප්‍රශංසනීය ය; ආමෙන්.


එවැනි පුද්ගලයින් සේවය කරන්නේ ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේට නො ව, තමන්ගේම උදරයට ය. ඔවුහු ප්‍රිය තෙපුලින් හා ඉච්චා බසින් අවංකයින් මුළා කරති.


ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කරගන්නේ නැත; අහංකාර නැත;


ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද?


මා ඔබ වෙත නො එතැයි සලකා ඇතැම් අය උඩඟුව සිටිති.


සහෝදරයිනි, අපොල්ලොස් හා මා අදාළ කරමින්, මා මේ සියල්ල ඔබගේ යහපත තකා ලීවේ, ලියා තිබෙන දේ ඉක්මවා නො යන පිණිස, ඔබ අපගෙන් ඉගෙන ගන්නා පිණිස ය. කෙනකුට එරෙහිව වෙනත් කෙනකු උදෙසා ඔබ උඩඟු නො වන පිණිස ය.


දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි.


තරඟ දිවීමකදී සැවොම තරඟ වදින නමුත්, ත්‍යාගය ලබන්නේ එක් කෙනකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමටම දුවන්න.


එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.


මන්ද මා ඔබ වෙත ආ කල්හි, මා මනාප පරිද්දෙන් ඔබ නො සිටීදෝ, ඔබ මනාප පරිද්දෙන් මා නො සිටීදෝ යි බයක් ද ඇතැම් විට සණ්ඩු-දබර, ඊර්ෂ්‍යා හා කෝපය ද එදිරිවාදිකම්, අපවාද, ඕපාදූප, උඩඟුකම් හා අවුල් ද වේ දෝයි බයක් ද මට ඇත.


එබැවින් මා ඔබට කියන්නේත්, ස්වාමින්වහන්සේ තුළ තරයේම ඔබෙන් ඉල්ලන්නේත්, තවදුරටත් අන්‍ය-ජාතීන් මෙන් තම නිස්සාර කල්පනා අනුව ජීවිතය ගත නො කරන ලෙසයි.


පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරුවන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.


තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.


මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය.


ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.


දහම් ගුරුන් වීමේ ආශාවෙනි; තමන් පවසන්නේ කුමක් ද, තමන් සහතිකයෙන් කියන්නේ කවරක් ද යන්න ගැන වැටහීමක් ඔවුන්ට නැත.


ආත්මයාණන්වහන්සේ පැහැදිලිව පවසා සිටින්නේ, පසු කාලෙක ඇතමුන් ඇදහිල්ල අතහැර, මුළා කරවන ආත්ම හා යක්ෂාත්මයින්ගේ ඉගැන්වීම්වලට අනුව ගමන් කරන බව ය.


ඔවුහු ලිංගික තෘෂ්ණා පිරුණු ඇසින් යුතුව සෑහීමක් නැතිව පවෙහි ගැලෙති; අස්ථිරවූවන් වරදට පොලඹවති. ඔවුහු තණ්හාවට පුහුණු කර ගත් සිත් ඇත්තෝ ය; ශාප ලත් දරුවෝ ය.


මා මේ ඔබට ලියන්නේ, ඔබ රවටන්නට උත්සාහ කරන්නවුන් ගැනයි.


ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.


කඩු පහරින් තුවාල ලද මුත්, තවමත් ජීවත් වූ මෘගයාගේ පිළිමයක් සාදන්නට කීමෙන්, පළමු මෘගයා උදෙසා සිදු කරන්නට බලය ලැබ තිබූ හාස්කම් ලකුණුවලින් ඌ පොළෝ වාසීන් රැවටී ය.


පොළෝ වාසී සියල්ලෝ, එනම් ලොව මැවූ තැන් පටන් මරා දමන ලද බැටළු පැටවාණන්ගේ ජීවන පොතේ නම් ලියනු නො ලැබූවෝ මෘගයාට නමස්කාර කරති.


එකල ඔහුට නමස්කාර කරන්නට මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු, “එසේ නො කරනු! ඔබත්, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන ඔබේ සහෝදරයිනුත් සමඟ මා හවුල් සේවකයෙක්. දෙවියන්වහන්සේට නමස්කාර කරනු! මන්ද යේසුස්වහන්සේගේ සාක්ෂිය, දිවැස්වැකිවල ආත්මය යැ” යි පැවසී ය.


“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න.