ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 9:31 - සිංහල කාලීන පරිවර්තනය

මුළු යුදය, ගලීලය හා සමාරිය යන පෙදෙස් පුරා සභාවට සාමකාමී කාලයක් උදා විණි. සභාව ශුද්ධාත්මයාණන්ගේ අනුබලය ලබමින්, ස්වාමින්වහන්සේ වෙත බය භක්තියෙන් ද ගණනින් වැඩෙමින් ද ගොඩ නැගුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙසේ මුළු යුදයෙහිද ගලීලයෙහිද සමාරියෙහිද සභාව දියුණුවී, සමාදානය ලැබ, ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතුව හැසිරෙමින්, ශුද්ධාත්මයාණන්ගේ පිහිටවීමෙන් වර්ධනයවූවාය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 9:31
56 හුවමාරු යොමු  

එහෙත් දෙවියන්වහන්සේගේ වචනය වර්ධන වෙමින් පැතිරෙන්නට විය.


මෙසේ ඒ ඒ නගරවල සභා ඇදහිල්ලේ සවිමත් වෙමින්, දිනපතා ගණනින් ද වැඩෙන්නට විය.


දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් හා හැමදෙනාගේ හොඳ හිත දිනා ගනිමිනි. ස්වාමින්වහන්සේ ද ගැලවීම ලබන්නන් දිනපතාම ඔවුන්ගේ කණ්ඩායමට එක් කළ සේක.


“දෙවියන්වහන්සේටත්, ඔබ ගොඩ නංවාලීමට හා පවිත්‍ර කරනු ලැබූ සියල්ලන් අතර උරුමයක් ඔබට දෙන්නට හැකි උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටත් දැන් මා ඔබ භාර කරනවා.


මුළු සභාව ද සිදු වූ දෑ ඇසූ සියල්ලෝ ද මහා භීතියකින් වෙළී ගියෝ ය.


මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.


ඔහු මරා දැමීම අනුමත කරමින්, සාවුල් ද එහි සිටියේ ය. ඒ දවසේම යෙරුසලම් සභාවට එරෙහි දරුණු වධ හිංසනයක් පැන නැගිණි. අපෝස්තුලුවරුන් හැර අන් සියල්ලෝ යුදය හා සමාරිය යන පෙදෙස් පුරා විසිරවන ලදහ.


මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය කෑමත්, බීමත් පිළිබඳ වූවක් නො ව ධර්මිෂ්ඨත්වයත්, සාමයත්, ශුද්ධාත්මයාණන් තුළ ප්‍රීතියත් ය.


එබැවින් සාමයටත්, අන්‍යෝන්‍ය වර්ධනයටත් තුඩු දෙන ප්‍රයත්න දරමු.


ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලයෙන් බලාපොරොත්තුවෙහි ඔබ පිරී ඉතිරී යන පිණිස, බලාපොරොත්තුවේ දෙවියන්වහන්සේ, ඇදහීමේ සකල ප්‍රීතියෙන් හා සාමයෙන් ඔබ පූර්ණ කරන සේක්වා!


බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.


ඔබ පිළිබඳවත් එසේම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.


එසේ නම් සහෝදරයිනි, තව මොනවා ද? ඔබ එක්රැස් වන කල, එක් එක් කෙනාට ගීතිකාවක්, පාඩමක්, එළිදරවුවක්, අන්‍ය-භාෂාවක් හෝ එහි පරිවර්තනයක් ඇත. ඒ හැම දේ වර්ධනය සඳහා වේවා.


මන්ද ඔබ බිඳහෙළීමට නො ව, ගොඩ නැගීමට ස්වාමින්වහන්සේ අපට දුන් ආධිපත්‍යය ගැන මා මදක් වැඩියෙන් පාරට්ටු කරගන්නා නමුදු, ඒ ගැන මා ලජ්ජා වන්නේ නැත.


අප ඔබට නිදහසට කරුණු කියනවායයි මේ මුළු කාලය තුළ ඔබ සිතන්නට ඇත. ක්‍රිස්තුස්වහන්සේ තුළ අප කතා කරමින් සිටියේ, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ය. ප්‍රේමණීයයනි, ඒ සියල්ල ඔබගේ අභිවෘද්ධිය උදෙසා ය.


ඔබ වෙත ඒමට කලින් මා මේ දේවල් ලියා එවන්නේ, බිඳහෙළීමට නො ව, ඔබ ගොඩ නැගීමට අප ස්වාමින්වහන්සේම මට දුන් අධිපති බලය, මා ඔබ වෙත ආ කල්හි තද පරුෂ ලෙස යෙදවීමට සිදු නො වන පිණිස ය.


ප්‍රේමණීයයනි, අපට මේ පොරොන්දු තියෙන බැවින්, දෙවියන්වහන්සේට බය පක්ෂපාතීත්වයෙන් ශුද්ධකම සම්පූර්ණ කර ගැනීමට, අපගේ ශරීරය හා ආත්මය හැම දූෂ්‍යතාවකින්ම පවිත්‍ර කර ගනිමු.


ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ගොඩ නැගෙන පිණිස සේවා-කටයුතු සඳහා ශුද්ධවන්තයින් හැඩගස්වනු පිණිස එසේ දී ඇත්තේ,


මෙසේ, හැම ශරීරාංගයක්ම නිසියාකාරව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක්ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයංව ගොඩ නැගෙයි,


ඔබේ මුවින් කැත කතා පිටවීමට ඉඩ නො දෙන්න. ඒ වෙනුවට අසන අයට සෙත සැලසෙන, තැනට උචිත, අන්‍යයන්ගේ වර්ධනයට තුඩු දෙන කතාවෙන් යුතු වන්න.


ක්‍රිස්තුස්වහන්සේ වෙත ඇති ගෞරවයෙන් එකිනෙකාට යටත් වන්න.


ක්‍රිස්තුස්වහන්සේ හා එක්වීමෙන් ඔබ යම් අනුබලයක් ලැබ ඇත්නම්, උන්වහන්සේගේ ප්‍රේමයෙන් යම් සැනසීමක් ලැබ ඇත්නම්, ආත්මයාණන්වහන්සේ සමඟ යම් සහභාගිත්වයක් ඇත්නම්, යම් දයාවක් හා අනුකම්පාවක් ඇත්නම්,


තවද, ස්වාමින්වහන්සේට ඔබින ලෙස ජීවත් වීමට හා හැම අතින්ම උන්වහන්සේ සතුටු කිරීමට ඔබට හැකි වන පිණිස ය: හැම අයුරු යහ වැඩවලින් පල දරමින් ද දෙවියන්වහන්සේ දැන-හැඳින ගැනීමෙහි වැඩෙමින් ද


එබැවින් දැනටමත් ඔබ කරන්නාක් මෙන් එකිනෙකා දිරි ගන්වන්න; එකිනෙකා වර්ධනය කරගන්න.


මිථ්‍යා හා කෙළවරක් නැති පරම්පරා කතාවල නො ගැලෙන ලෙස අණ කරන්නටත් ය. ඒවායින් වන්නේ ඇදහිල්ලෙන් එන දෙවියන්වහන්සේ වෙතින් වූ සැලැස්ම වෙනුවට මත භේදයට තුඩු දෙන අදහස් උස්සා තැබීම ය.


දෙවියන්වහන්සේගේ ජනතාවට එබැවින්, සබත් විශ්‍රාමයක් තවමත් ඉතිරිව තිබේ.


එහෙත් ප්‍රේමණීයයනි ඔබ, ඔබගේ අතිශුද්ධ වූ ඇදහිල්ල තුළ ඔබම වර්ධනය කරගන්න; ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ යාච්ඤා කරන්න.