ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 5:22 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් සිර ගෙදරට ආ ඒ නිලධාරීන්ට එහිදී ඔවුන් හමු වුණේ නැත. එබැවින් ආපසු ගිය ඔවුහු කරුණු සැල කරමින්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එහෙත් මුර සේවකයෝ ගොස්, හිරගෙයි ඔවුන් සිටිනු නොදැක ආපසු පැමිණ මෙසේ සැළ කළහ:

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් ගියාවූ සේවකයෝ හිරගෙයි ඔවුන් නොදැක ආපසු ඇවිත්:

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 5:22
4 හුවමාරු යොමු  

උත්තම පූජක මැදුරේ මිදුල තෙක් මදක් දුරින්, යේසුස්වහන්සේ පසුපසින් ගිය පේතෘස් ඉන්පසු එහි ඇතුළුව, කුමක් වේ දෝයි බලනු පිණිස, මුර සේවකයන් හා හිඳ ගත්තේ ය.


පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වීදැයි යන්න ගැන ය.


“සිරගෙයි දොරටු ආරක්ෂිත ව අගුළු ලා තිබෙනු ද මුර භටයින් දොරටු මුර කරමින් සිටිනු ද අප දුටු නමුත්, දොරටු ඇරිය විට ඇතුළේ කිසිවකුත් අපට දකින්නට ලැබුණේ නෑ” යි කීහ.


එවිට ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, සෙසු නිලධාරීන් සමඟ පිටත්ව ගොස්, අපෝස්තුලුවරුන් කැඳවාගෙන ආවේ ය. එහෙත් ජනයා තමනට ගල් ගසතැයි බියෙන් ඔවුහු ඔවුන් කැටිව ආයේ, කිසිදු බලහත්කාරයක් නො පාමිනි.