ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 3:21 - සිංහල කාලීන පරිවර්තනය

ඈත අතීතයේ තම ශුද්ධ දිවැසිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සියලු ආකාර සෞභාග්‍යවත් කාලයක් යළි උදා කෙරෙන තෙක්, යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින්නට යුතුව ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවියන්වහන්සේ ලෝකයේ පටන්ගැන්මේ සිට තමන්ගේ ශුද්ධවූ අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් කියෙවුවාවූ, සියලු දේ නැවත පිහිටුවන්නාවූ කාලවල් දක්වා උන්වහන්සේ ස්වර්ගයෙහි සිටින්ට ඕනෑය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 3:21
16 හුවමාරු යොමු  

ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,


ඔවුන් අමතමින්, “ගලීල මනුෂ්‍යයිනි, ඔබ මෙතැන සිටගෙන ස්වර්ගය දෙස බලා සිටින්නේ කුමට ද? ඔබ වෙතින් ස්වර්ගයට ඔසවා ගනු ලැබූ මෙම යේසුස්වහන්සේ, ස්වර්ගයට නැගෙනු ඔබ දුටු අයුරින්ම, ආපසු එනු ඇතැ” යි කීහ.


සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.


එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,


ඔබ උදෙසා තෝරා පත් කරන ලද ක්‍රිස්තුස්වහන්සේ හෙවත් යේසුස්වහන්සේ එවනු ලබන පිණිසත් එසේ කරන්න.


එනම්, මැවිල්ල ජරාපත් වීමේ වහල් බැම්මෙන් මුදනු ලැබ, දෙවියන්වහන්සේගේ දරුවන්ගේ තේජවත් නිදහස අත්කර දීමට ය.


ඈත අතීතයේ බොහෝ අවස්ථාවල, නොයෙක් මාර්ගවලින් දෙවියන්වහන්සේ දිවැසිවරුන් මඟින් අපේ පියවරුනට කතා කළ සේක.


මන්ද යම් දිවැස්වැකියක් කොහෙත්ම මිනිසාගේ හිතු මනාපයට උත්පාද නො වේ. ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් පොලඹවනු ලැබූ කල මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේගෙන් ලැබුණු වචන කතා කළහ.


ශුද්ධ දිවැසිවරුන් මඟින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මඟින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.


“එම්බා ස්වර්ගය, ඇය ගැන ප්‍රීතිවන්න! දෙවියන්වහන්සේගේ ජනයෙනි, ප්‍රීතිවන්න! අපෝස්තුලුවරුනි, දිවැසිවරුනි, ප්‍රීතිවන්න! මන්ද දෙවියන්වහන්සේ ඇය ඔබට කළ ලෙස, ඇයට එරෙහිව විනිශ්චය දී ඇත.”


මා ඇමතූ දේව දූතයා, “මේ වචන විශ්වාසනීය ය; සත්‍ය ය. ඉක්මනින් සිදු විය යුතු දෑතම සේවකයනට පෙන්වන පිණිස, දිවැසිවරුන්ගේ ආත්මවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තම දූතයා එවූ සේකැ” යි කී ය.