ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය.
ක්‍රියා 28:7 - සිංහල කාලීන පරිවර්තනය දූපත් නායක පබ්ලියස්ට අයත් වතු යායක් ඒ අසල තිබිණි. තම නිවසට අප පිළිගත් ඔහු දවස් තුනක් අපට ආගන්තුක සත්කාර කළේ ය. Sinhala New Revised Version ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. Sinhala New Revised Version 2018 ඒ දිවයිනේ ප්‍රධානියා වූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේ ය. ඔහු අප පිළිගෙන තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාර කෙළේ ය. Sinhala Revised Old Version ඒ දිවයිනට ප්‍රධානියාවූ පබ්ලියස් හට අයිති ඉඩම් ඒ අසල තිබුණේය. ඔහු අප පිළිගෙන, තුන් දවසක් ආදරයෙන් අපට ආගන්තුක සත්කාරකෙළේය. |
ඔහු පළාත් ආණ්ඩුකාර සර්ගියස් පවුලස් සමඟ වූ කෙනෙකි. බුද්ධිමතකු වූ එම පළාත් ආණ්ඩුකරු දෙවියන්වහන්සේගේ වචනය ඇසීමේ රිසියෙන් බාර්ණබස් හා සාවුල් තමන් වෙත කැඳවී ය.
එහෙත් ගලියෝ, අකායේ පළාත් ආණ්ඩුකරු ව සිටියදී, යුදෙව්වෝ පාවුල්ට එරෙහිව එක්සත්ව නැගිට, උසාවියට ඔහු ගෙන අවුත්,
පීලික්ස් ආණ්ඩුකාරයා වෙත ආරක්ෂා සහිතව පාවුල් ගෙන යන පිණිස, ඔහුට නැගී යන්නට අශ්වයින් ද සපයා දෙන්නැ” යි නියෝග කළේ ය.
දූපත්වාසීහු අපට අසාමාන්‍යව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.
ඔහු ඉදිමෙනු ඇත කියා හෝ මැරී වැටෙනු ඇත කියා ඔවුහු බලා සිටියහ. එසේ බොහෝ වෙලාවක් බලා සිටි නමුදු ඔහුට කිසි විපතක් සිදු නො වූ බැවින් තම අදහස් වෙනස් කර ගත් ඔවුහු, ඔහු දෙවියෙකැයි කීහ.
ඔහුගේ පියා උණෙන් හා අතීසාරයෙන් පෙළෙමින් ඔත්පළව සිටියේ ය. පාවුල් ඔහු සිටි තැනට ගොස්, යාච්ඤා කර, ඔහු පිට අත් තබා, ඔහු සුව කළේ ය.
යහ වැඩ ගැන හොඳ නමක් ඇති තැනැත්තියකි; එනම්, දරුවන් ඇති දැඩි කළ, ආගන්තුක සත්කාර පෑ, ශුද්ධවතුනගේ පා සේදූ, දුකට පත්වූවනට පිහිට වූ, හැම හොඳ වැඩකටම කැපව සිටි තැනැත්තියකි.
ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.