Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:2 - සිංහල කාලීන පරිවර්තනය

2 දූපත්වාසීහු අපට අසාමාන්‍යව කාරුණික වූහ. වැස්ස හා සීතල නිසා, ඔවුහු ගිනි මැලයක් දල්වා සාදරයෙන් අප හැම පිළිගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 දිවයිනේ වැසියෝ අපට බොහෝ කරුණාව දැක්වූ හ. වහින වැස්ස හා ශීතලය නිසා ඔව්හු ගිනිමැලයක් ගසා අප සියල්ලන් පිළිගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එහි සිටි ම්ලේච්ඡයෝ අපට බොහෝ මිත්‍රකම් පෙන්නුවෝය. මක්නිසාද පැවතුණාවූ වර්ෂාව නිසාද ශීතලය නිසාද ඔව්හු ගිනි පත්තුකරදී අප සියල්ලන් පිළිගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:2
19 හුවමාරු යොමු  

ආගන්තුක සත්කාරය අතපසු නො කරන්න. එසේ කිරීමෙන් ඇතමුන් නො දැනම දේව දූතයින්ට සංග්‍රහ කර ඇත.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


ග්‍රීකයින්ට හා ග්‍රීක නො වන අන්‍යයන්ට ද උගතුන්ට හා නූගතුන්ට ද වගකීමක මම බැඳී සිටිමි.


වෙහෙසීම් හා අපහසුතා ද අනේක රෑ නිදිවැරීම් ද සා ගින්නෙන් හා පිපාසයෙන් ද බොහෝ විට ආහාර නො මැතිව ද ශීතලෙන් හා ඇඳුම් නො මැතිව ද සිට ඇත්තෙමි.


සර්පයා පාවුල්ගේ අතේ එල්ලෙනු දුටු දූපත්වාසීහු, “සැකයක් නැහැ; මේ මිනිහා මිනීමරුවෙක්; මිනිහා මුහුදින් බේරුණත් ඔහුට ජීවත් වීමට යුක්ති ධර්මය ඉඩ දී නැතැ” යි තමන් අතරේ කියා ගත්හ.


යමෙක් කතා කරන භාෂාව මට වැටහෙන්නේ නැතිනම්, ඒ කථිකයාට මා විදෙස්සෙකි. කථිකයා ද මට විදෙස්සෙකි.


මාගේ ගෝලයකු නිසාම මොවුන්ගෙන් ඉතා සුළු කෙනකුට වුව, ඇල් වතුර කෝප්පයක් දෙන කෙනකු නිසැකයෙන්ම එහි පල විපාක ඔහුට නැති නො වන බව සැබවින් ම මම ඔබට කියමි.”


පසු දින අපි සීදොන්ට ගොඩ බැස්සෙමු. ජුලියස්, පාවුල්ට කාරුණික වී, ඔහුගේ මිතුරන් හමුවට යෑමටත්, ඔවුන් වෙතින් ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමටත් ඉඩ දුන්නේ ය.


මෙසේ, කායිකව චර්මඡේදිත නො වූ නමුදු, දහම් නීතිය පිළිපදින්නා, නීති ලියවිල්ලත්, චර්ම-ඡේදනයත් ඇති, එහෙත් දහම් නීතිය කඩන ඔබ විනිශ්චය කරනු ඇත.


ශීතල නිසා සේවකයෝ හා භටයෝ අඟුරින් ගිනි මැලයක් දල්වා ඒ වටා සිටගෙන, ගිනි තපිමින් සිටියහ. පේතෘස් ද ඔවුන් අතර සිටගෙන ගිනි තපිමින් සිටියේ ය.


දර මිටියක් එකතු කළ පාවුල්, එය ගිනි ගොඩට දැමීමට ළං වූ විට, රස්නය නිසා දර අතරින් පිටතට ආ පොළඟෙක් ඔහුගේ අතේ එල්ලිණ.


ඇදහිල්ලේ දුර්වල අය පිළිගන්න. එහෙත් මත වාද ගැන විවාදයට නො වේ.


කවර දේත් අනුභව කරන තැනැත්තා, එසේ නො කන තැනැත්තා පහත් කොට නො සැලකිය යුතු ය. තවද හැම දේ නො කන තැනැත්තා, හැම දේ අනුභව කරන තැනැත්තා විනිශ්චය නො කළ යුතු ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු පිළිගෙන ඇති බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්