ශීත කාලය ගත කරන්නට එම වරාය හිතකර නො වූයෙන්, පිනික්සිය වෙත ළඟා වී ශීත කාලය එහි ගත කිරීමේ බලාපොරොත්තුවෙන් නැව දියත් කළ යුතු බව වැඩි දෙනාගේ තීරණය විණි. නිරිත හා වයඹ දිශාවන්ට මුහුණ ලා පිහිටි පිනික්සිය, ක්‍රීතයේ වරායකි.
ක්‍රියා 27:21 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතුව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා. Sinhala New Revised Version අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. Sinhala New Revised Version 2018 අප බොහෝ දිනක් කෑම නොගෙන සිටි බැවින්, පාවුලු ඔවුන් මැද සිට, “භවතුනි, ක්‍රීතයෙන් පිටත් නොවන ලෙස මා දුන් අවවාදයට ඇහුම්කන් දිය යුතු ව තිබිණි. එසේ කෙළේ නම් මෙවැනි අන්තරාවක් හා අලාභයක් පැමිණෙන්නේ නැත. Sinhala Revised Old Version කෑමෙන් අප බොහෝසෙයින් වැලකී සිටියාට පසු පාවුල් ඔවුන් මැද සිට: මනුෂ්‍යයෙනි, මේ අන්තරාය සහ අලාභයත් නොපැමිණෙන පිණිස ක්‍රීතයෙන් පිටත් නොවන්ට මා කී වචනයට ඇහුම්කන් දෙන්ට යුතුව තිබුණේය. |
ශීත කාලය ගත කරන්නට එම වරාය හිතකර නො වූයෙන්, පිනික්සිය වෙත ළඟා වී ශීත කාලය එහි ගත කිරීමේ බලාපොරොත්තුවෙන් නැව දියත් කළ යුතු බව වැඩි දෙනාගේ තීරණය විණි. නිරිත හා වයඹ දිශාවන්ට මුහුණ ලා පිහිටි පිනික්සිය, ක්‍රීතයේ වරායකි.
දකුණු දිග සුළඟ මදින් මඳව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ.
දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු.
දින ගණනාවක් අපහසුතා මැද සෙමින් සෙමින් යාත්‍රා කරමින්, අපි ක්නීදස් ආසන්නයට ම පැමිණියෙමු. තවදුරටත් ඉදිරියට යන්නට සුළඟ අපට ඉඩ නුදුන් බැවින් අපි ක්‍රීත දිවයිනේ ගොඩබිම් මුවාවෙන් සැල්මෝනෙ තුඩුව ඉදිරිපිටින් යාත්‍රා කරමින්,