Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:20 - සිංහල කාලීන පරිවර්තනය

20 දින ගණනාවක් හිරු හෝ තරු හෝ නො පෙනී, කුණාටුව ද නො නැවතීම වියරු වූයෙන්, ගැලවීම ගැන තිබූ සියලු බලාපොරොත්තු අවසානයේදී අපි අත්හැර දැමීමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 බොහෝ දවස් ඉර වත් තාරකා වත් නොපෙනුණ බැවින් ද, තද කුණාටුවක් පැවතුණ බැවින් ද අපේ ආරක්ෂාව ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් සුන් වී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 බොහෝ දවස් ඉරවත් තාරකාවත් නොපෙනුණ බැවින්ද තද කුණාටුවක් පැවතුණු බැවින්ද අපේ ගැළවිල්ල ගැන තිබුණු සියලු බලාපොරොත්තු එතැන් පටන් නැතිවී ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:20
15 හුවමාරු යොමු  

“එදවස්හි විපත් පීඩා නිම වූ කෙණෙහිම “ ‘හිරු අඳුරු වනු ඇත, සඳු එහි එළිය නො දෙනු ඇත; තරු අහසින් කඩා වැටෙනු ඇත, අහසේ බල වස්තූන් සොලවනු ලබනු ඇත.’


සහෝදරයිනි, සැතපී සිටින්නන් ගැන ඔබ නො දැන සිටීම අපගේ කැමැත්ත නො වේ. බලාපොරොත්තුවක් නැති සෙසු ලෝකයා මෙන්, ඔවුන් ගැන ඔබ ශෝක නො විය යුතු ය.


එකල ඔබ ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන්ව, ඉශ්‍රායෙල් පුරවැසි භාවයට පිටස්තරයින්ව, පොරොන්දුවේ ගිවිසුම්වලට පරදේශිකව, බලාපොරොත්තු රහිතව, දෙවියන්වහන්සේගෙන් තොරව ලෝකයේ සිටි හැටි සිහි කරන්න.


තුන් වතාවක් කෝටු මස් කරනු ලදිමි. වතාවක් ගල් ගසනු ලැබීමි. තුන් වතාවක් නැව් මුහුදුබත් වීම්වලට ගොදුරුව, දහවලක් හා රැයක් මුහුදේ පාවෙවී සිටියෙමි.


තුන් වන දිනයේ ඔවුහු නැවේ උපකරණ ද තම අත්වලින්ම නැවෙන් පිටත හෙළූහ.


ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතුව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්