Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:13 - සිංහල කාලීන පරිවර්තනය

13 දකුණු දිග සුළඟ මදින් මඳව හමන්නට වූ කල, තම අදහස ඉටුවිනැයි සිතූ ඔවුහු නැංගුරම් ඔසවා ක්‍රීත වෙරළ ආසන්නයේ යාත්‍රා කරන්නට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 දකුණෙන් මඳ සුළඟක් හැමූ කල, ඔව්හු තමන්ගේ අදහස ඉටු වී යයි සිතා නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ ළඟින් ම ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 දකුණු හුළඟ හීන්සැරේ ගැසූ කල, ඔව්හු, තමුන්ගේ අදහස ඉෂ්ටවුණේයයි සිතා, නැංගුරම් ඔසවා ක්‍රීතයේ වෙරළ අසලින්ම ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:13
10 හුවමාරු යොමු  

දකුණු දිගින් සුළං හමන විට ‘පෑවිල්ලක් එතැ’ යි ඔබ කියයි. ඒ එසේ සිදු වෙයි.


යුදෙව්වන් හා යූදා දහම වැලඳගත් වෙනත් ජාතීන් ද ක්‍රීත්වරුන් හා අරාබිවරුන් ද වන අපට දෙවියන්වහන්සේගේ බලවත් ක්‍රියා ගැන අපේම භාෂාවන්ගෙන් ඔවුන් කතා කරන හඬ ඇසේ යැ” යි කීවෝ ය.


වෙරළාසන්නයේම ඉතා අපහසුවෙන් සුන්දර වරාය නම් වූ ස්ථානයට ළඟා වීමු. එය පිහිටියේ ලසේයා නගරය අසල ය.


ශීත කාලය ගත කරන්නට එම වරාය හිතකර නො වූයෙන්, පිනික්සිය වෙත ළඟා වී ශීත කාලය එහි ගත කිරීමේ බලාපොරොත්තුවෙන් නැව දියත් කළ යුතු බව වැඩි දෙනාගේ තීරණය විණි. නිරිත හා වයඹ දිශාවන්ට මුහුණ ලා පිහිටි පිනික්සිය, ක්‍රීතයේ වරායකි.


ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතුව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා.


මා ක්‍රීතයේ ඔබ නතර කළේ මෙනිසයි; මා ඔබට නියම කළ ලෙස, කළ යුතු වැඩ කොටස නිසි පිළිවෙළට කිරීමටත්, මා ඔබට පෙන්වා දුන් අයුරු හැම නගරයක සභා-මූලිකයින් පත් කිරීමටත් ය.


“ක්‍රීතවාසීහු සැමදා බොරුකරුවන් ය; අමු තිරිසන්නු ය; අලස කෑදරයෝ යැ” යි ක්‍රීත වාසී අනාවැකිකරුවෙක් කියා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්