උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.
ක්‍රියා 26:24 - සිංහල කාලීන පරිවර්තනය මෙවිට ඔහුගේ කරුණු දැක්වීමට බාධා කළ පෙස්තුස්, “ඔබට ඔල්මාද පාවුල්! ඔබේ උගත්කම වැඩි වී උමතු වෙලායැ” යි මහ හඬින් පැවසී ය. Sinhala New Revised Version ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය. Sinhala New Revised Version 2018 ඔහු මෙසේ තමාගේ නිදහසට කාරණා කියද්දී: “පාවුලු, ඔබට පිස්සු ය; බොහෝ උගත්කම ඔබ පිස්සෙකු කර ඇතැ”යි ෆෙස්තුස් මහා හඬින් කී ය. Sinhala Revised Old Version ඔහු මෙසේ තමා ගැන උත්තරදෙද්දී පාවුල්, නුඹට ඔල්මාදය; බොහෝ උගත්කමෙන් නුඹ ඔල්මාදවී සිටින්නෙහියයි පෙස්තුස් මහත් හඬින් කීවේය. |
උන්වහන්සේගේ පවුලේ අයට එය සැල වූයෙන් ඔවුහු උන්වහන්සේ අල්ලාගෙන ඒමට ගියහ. මන්ද, “ඔහුගේ සිහි විකල් වෙලා” යි ඔවුහු කීහ.
එවිට යුදෙව්වෝ උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ඔබ සමාරියයෙක් කියාත්, ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියාත් අප කීවා හරි නො වේ දැ?” යි කීවෝ ය.
එවිට යුදෙව්වෝ, “ඔබට යක්ෂාත්මයක් වැහිලා ය කියා දැන් අප දන්නවා. ආබ්‍රහම් මියැදුණා; දිවැසිවරුන් ද එසේමයි. එහෙත් ඔබ කියන්නේ, ඔබේ වචන පිළිපදින්නා කිසි කල මරණය විඳින්නේ නැත කියායි.
මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ.
ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.
එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත්ව ආවේ ය. යුදෙව්වන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිරබාරයේම සිටින්නට හැරියේ ය.
බොහෝ වර ඔවුනට දඬුවම් දෙන්නට එක් සිනගෝගයකින් තවත් එකකට ගියෙමි; දේවාපහාස කරන්නට ඔවුන්ට බල කළෙමි. ඔවුන්ට විරෝධිව වූ උමතුවෙන්, ඔවුන්ට වධ දෙන්නට විදෙස් නගරවලටත් ගියෙමි.
එහෙත් අපි, කුරුසියේ ඇණ ගැසුම් ලද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නෙමු. එහෙත් එය, යුදෙව්වන්ට පැකිළීමේ කඩුල්ලකි; අන්‍ය-ජාතීන්ට අඥානකමකි.
අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අඥානයෝ ය; ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවත්හු ය. අප දුබලයින් ය; එහෙත් ඔබ ප්‍රබලයින් ය. ඔබ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබන්නන් ය; එහෙත් අපට අවමානය ය.
අපගේ සිහි විකල් වෙලා නම්, ඒ දෙවියන්වහන්සේ උදෙසා ය. අප හොඳ සිහි කල්පනාවෙන් නම්, ඒ ඔබ උදෙසා ය.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇදහීම තුළින් ගැලවීම සඳහා ඔබ නැණවත් කිරීමෙහි පොහොසත් ශුද්ධ ලියවිලි ළමා අවදියේ පටන්ම දැන උගත් අයුරුත් ඔබ දනී.