Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 4:10 - සිංහල කාලීන පරිවර්තනය

10 අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා අඥානයෝ ය; ඔබ ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවත්හු ය. අප දුබලයින් ය; එහෙත් ඔබ ප්‍රබලයින් ය. ඔබ ගෞරවයෙන් යුතුව සැලකුම් ලබන්නන් ය; එහෙත් අපට අවමානය ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා මෝඩයෝය, නුමුත් නුඹලා ක්‍රිස්තුස්වහන්සේ තුළ ප්‍රඥාවන්තයෝය; අපි දුර්වලය, නුමුත් නුඹලා ශක්තිමත්ය; නුඹලාට ගෞරවය ඇත්තේය, නුමුත් අපට ඇත්තේ අගෞරවයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 4:10
38 හුවමාරු යොමු  

මා ඔබ සමඟ සිටියේ දුබලතාවෙන්, බයින් හා අධික තැති ගැන්මෙන් යුතුව ය.


මෙවිට ඔහුගේ කරුණු දැක්වීමට බාධා කළ පෙස්තුස්, “ඔබට ඔල්මාද පාවුල්! ඔබේ උගත්කම වැඩි වී උමතු වෙලායැ” යි මහ හඬින් පැවසී ය.


එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි.


ක්‍රිස්තුස්වහන්සේගේ නාමය නිසා ඔබ නින්දාවට පත් වේ නම්, ඔබ භාග්‍යවත් ය. මන්ද තේජසේ ද දෙවියන්වහන්සේගේ ද ආත්මයාණෝ, ඔබ මත නැවතී සිටින සේක.


අප දුබලව සිටින අතරේ ඔබ ප්‍රබල වේ නම්, ඒ ගැන අප සතුටු ය. ඔබ සම්පූර්ණ වීම අපගේ යාච්ඤාවයි.


කිසිවෙක් තමාම රවටා නො ගනීවා. ඔබ අතරේ යමෙක්, තමා මේ යුගයේ ප්‍රඥාවතෙකැයි සිතයි නම්, ප්‍රඥාවත් වන පිණිස, ඔහු අඥානයකු බවට පත් වෙත්වා.


එබැවින් මේ උපදෙස් ප්‍රතික්ෂේප කරන කවරකු වුව ප්‍රතික්ෂේප කරන්නේ මිනිසකු නො ව, ඔබට ස්වකීය ශුද්ධාත්මයාණන් දෙන දෙවියන්වහන්සේ ය.


යමෙක් දුර්වල නම්, ඒ දුර්වලකම මට නො දැනේ ද? යමෙක් වැටී ගියේ නම්, මම සංවේගී නො වෙම් ද?


මන්ද අඥානයින් ගැන ඔබ ප්‍රීතියෙන් ඉවසන්නේ ඔබ ප්‍රඥාවත් නිසයි!


මන්ද ඔවුන් මා ගැන කියන්නේ, “ඔහුගේ ලිපි නම් හරබර ය; බලවත් ය; එහෙත් ඔහුගේ ශාරීරික පෙනුම දුර්වල ය; කතාවට ද ඔහු අදක්ෂ ය” කියා ය.


එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා!


ඔබට අවශ්‍ය සියල්ල දැනටම ඔබට ලැබිලා! දැනටමත් ඔබ ධනවත් වෙලා! අප නො මැතිව ඔබ රජවරුන් බවට පත් වෙලා! ඔබ රජකම් කළෝ නම් අපටත් ඔබ සමඟින් රජකම් කරන්නට තිබුණි!


මා ඔබේ පෝෂණයට දුන්නේ කිරි ය; ගන ආහාර නො වේ. මන්ද ඔබ ඒවාට ලැහැස්තිව සිටියේ නැත. දැන් වුව ද, තවමත් ඔබ ඊට ලැහැස්ති නැත.


ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මිකව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක.


මළවුන්ගෙන් නැගිටීම ගැන ඇසූ ඔවුන්ගෙන් ඇතමෙක් සමච්චල් කරන්නට වන්හ. එහෙත් සෙසු අය, “මේ සම්බන්ධව නැවතත් ඔබ කතා කරනවා අසන්නට අප කැමතියි” කීහ.


මාගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක.


තමන් ධර්මිෂ්ඨයයි තමන් තුළ විශ්වාසය තබා, අන් අය සුළු කොට සලකන ඇතමකුට උන්වහන්සේ මෙම උපමා කතාව පැවසූ සේක.


“ඔබට සවන් දෙන්නා, මට සවන් දෙයි. ඔබ ප්‍රතික්ෂේප කරන්නා, මා ප්‍රතික්ෂේප කරයි. මා ප්‍රතික්ෂේප කරන්නා, මා එවූ තැනැන්වහන්සේ ප්‍රතික්ෂේප කරයි” යනුවෙන් පැවසූ සේක.


මනුෂ්‍ය පුත්‍රයා නිසා මිනිසුන් ඔබට වෛර කරන කල, ඔවුන් ඔබ බැහැර කරමින්, ඔබට අවමන් කරමින්, ඔබේ නාමය නපුරකැයි හෙළා දකින කල ඔබ භාග්‍යවත් ය.


“එකල ඔබට විපත් පීඩා පමුණුවන්නට හා ඔබ මරා දමන්නට ඔවුන් ඔබ අල්ලා දෙනු ඇත. මාගේ නාමය නිසා සියලු ජාතීන් ඔබට වෛර කරනු ඇත.


“මා නිසා, අන්‍යයන් ඔබට ගැරහුම් කරන කල, පීඩා කරන කල, හැම අයුරකම නපුර පවරා, ඔබට එරෙහිව අසත්‍ය පවසන කල ඔබ භාග්‍යවත් ය.


මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මඟින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක.


එහෙත් අපි, කුරුසියේ ඇණ ගැසුම් ලද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නෙමු. එහෙත් එය, යුදෙව්වන්ට පැකිළීමේ කඩුල්ලකි; අන්‍ය-ජාතීන්ට අඥානකමකි.


මන්ද දෙවියන්වහන්සේගේ අඥානකම, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි; දෙවියන්වහන්සේගේ දුබලකම, මිනිස් ප්‍රබලකම් ඉක්ම වූ ප්‍රබලතාවකි.


ගෞරවය මැද්දේ හා අගෞරවය මැද්දේ ය; අපහාස හා පැසසුම් මැද්දේ ය; සත්‍යවාදී වුවත්, වංචනිකයින් සේ සලකනු ලැබීමෙනි;


මෙසේ අප තුළ ක්‍රියාකාරීව ඇත්තේ මරණයයි; එහෙත් ඔබ තුළ ජීවනයයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්