ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 21:8 - සිංහල කාලීන පරිවර්තනය

පසු දා අපි එතැනින් පිටත්ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පසුදා අපි පිටත් ව කායිසාරියට අවුත්, සත් දෙනාගෙන් එක් කෙනෙකු වූ ධර්මදූත පිලිප්ගේ ගෙට පැමිණ, ඔහු සමඟ නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

පසුවදා අපි පිටත්ව කායිසාරියට ඇවිත්, සත්දෙනාගෙන් එක්කෙනෙක්වූ එවැන්ජලිස්ත පිලිප්ගේ ගෙට පැමිණ ඔහු සමඟ නැවතී සිටියෙමුව.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 21:8
18 හුවමාරු යොමු  

ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය.


පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.


නගර දොරටුවෙන් පිටත ගඟබඩ යාච්ඤා මෙහෙයක් පැවැත්වෙන තැනක් ඇතැයි අප සිතූ බැවින්, සබත් දවසේ එහි ගොස්, එහි රැස්ව සිටි ස්ත්‍රීන් අතර හිඳ, අපි ඔවුන් ඇමතුවෙමු.


වරක්, යාච්ඤා පැවැත්වෙන තැනට අප යද්දී එක් වහල් කෙල්ලක් අපට මුණ ගැසිණි. පේන කීමේ ආත්මයක් වැහී සිටි ඈ ශාස්ත්‍ර කීමෙන් ඇගේ හාම්පුතුනට මුදල් සම්භාරයක්ම උපයා දුන්නා ය.


කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය.


කලින් නැව් නැගුණු අප අසොස් දක්වා යාත්‍රා කළේ, එහිදී පාවුල් නැවට නංවා ගැනීමට ය; මන්ද පා ගමනින් එහි ගිය පාවුල් එසේ කිරීමට සැලසුම් කර තිබිණි.


එහෙත් නුමුහුන් රොටි මංගල්‍යයෙන් පසු, පිලිප්පි වෙතින් නැව් නැගුණු අපි, දවස් පහකට පසු ත්‍රෝවසයේදී ඔවුන්ට එක් වුණෙමු. අපි එහි හත් දවසක් නැවතී සිටියෙමු.


කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතුව තිබූ මිනාසොන්ගේ නිවෙස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.


ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න.


අප ඉතාලිය බලා යාත්‍රා කළ යුතු යයි තීරණය වූ කල, පාවුල් හා තවත් සිරකරුවන් ඇතැම් දෙනකු අධිරාජ බලඇණියේ සියයේ සෙන්පතියකු වූ ජුලියස් භාරයට පත් කෙරිණි.


ශීත කාලය ඒ දූපතේ ගත කළ අපි තුන් මසකට පසු, නැවක නැගී යළි යාත්‍රා කළෙමු. “නිඹුල් සොහොයුරු” යන ලාංඡනයෙන් යුතු එය ඇලෙක්සන්ද්‍රියාවේ නැවකි.


අප රෝමයට පැමිණි පසු, එක් හේවායකුගේ මුරකාව යටතේ තමන් කැමති තැනක සිටින්නට පාවුල්ට අවසර ලැබිණි.


මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ.


ඒ වග දැනගත් සහෝදරයෝ කායිසාරිය වෙත ඔහු කැඳවාගෙන අවුත්, තාර්සස් වෙත ඔහු පිටත් කර යැවූහ.


ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේම ය.


එහෙත් ඔබ, හැම විට සංයමයෙන් සිටිමින්, අපහසුතා දරා ගනිමින්, ශුභාරංචිය ප්‍රකාශ කරන්නකුගේ මෙහෙය කරන්න. ඔබගේ මෙහෙය සම්පූර්ණ කරන්න.