Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:13 - සිංහල කාලීන පරිවර්තනය

13 කලින් නැව් නැගුණු අප අසොස් දක්වා යාත්‍රා කළේ, එහිදී පාවුල් නැවට නංවා ගැනීමට ය; මන්ද පා ගමනින් එහි ගිය පාවුල් එසේ කිරීමට සැලසුම් කර තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අපි අසොස්හි දී පාවුලු නැවට කැඳවාගන්නට අදහස් කර, පෙරටුව ගොස්, නැව් නැඟී, එහි ගියෙමු. මන්ද, පාවුලු ගොඩින් යන්නට අදහස් කළෙන් එසේ යාමට අපට නියම කර තිබුණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 එහෙත් අපි අසොස්හිදී පාවුල් නංවාගන්ට අදහස්කරගන, පෙරටුව නැව ළඟට ගොස්, එහි යන්ට නැගුණෙමුව. මක්නිසාද ගොඩින් යන්ට අදහස්කළ ඔහු, එසේ යන්ට අපට නියමකර තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:13
7 හුවමාරු යොමු  

ඔවුන් පිටත්ව ගිය පසු, උන්වහන්සේ යාච්ඤා කරන පිණිස, කන්දට නැගුණු සේක.


අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.


පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.


අපට පෙරටුව පිටත්ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.


ඔවුන්, ජීවය ලද තරුණයා කැටිව ආපසු ගියේ මහත් අස්වැසිල්ලකිනි.


අසොස්හිදී ඔහු හමුව නැවට ඔහු නංවා ගත් අපි, මිතුලේනට ගියෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්