Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එහෙත් නුමුහුන් රොටි මංගල්‍යයෙන් පසු, පිලිප්පි වෙතින් නැව් නැගුණු අපි, දවස් පහකට පසු ත්‍රෝවසයේදී ඔවුන්ට එක් වුණෙමු. අපි එහි හත් දවසක් නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 නුමුහුන් රොටි මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 නුමුහුන් පූප මංගල්‍ය දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැඟී, පස් දවසකින් ත්‍රෝවසයෙහි සිටි ඔවුන් වෙතට ගොස්, එහි සත් දවසක් නැවතී සිටියෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මුහුන් නොදැමූ රොටි කන දවස්වලට පසු අපි පිලිප්පියෙන් නැව් නැගී, පස් දවසකින් ත්‍රෝවෙසහි සිටියාවූ ඔවුන් ළඟට ඇවිත්, එහි සත් දවසක් නැවතී සිටියෙමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:6
18 හුවමාරු යොමු  

එය යුදෙව්වන්ගේ සතුටට හේතු වූ බව දුටු ඔහු, ඉන් නො නැවතී පේතෘස් ද අත්අඩංගුවට ගත්තේ ය. එය සිදු වූයේ නුමුහුන් රොටි මංගල්‍යය අතරතුර ය.


එතැනින් රෝම ජනපදයක් ද මකිදෝනියේ දිස්ත්‍රික්කයක ප්‍රධාන නුවරක් වූ පිලිප්පිය වෙත සේන්දු වී, ටික දවසක් එහි ගත කළෙමු.


ත්‍රෝවසෙහි කාර්පස් වෙත මා තබා ආ කබාය හා පොත් ද විශේෂයෙන් සටහන් සහිත සම් පොත් ඔබ එද්දී ගෙන එන්න.


ඔබ දන්නා පරිදි කලින් පිලිප්පියේදී හිංසා හා නිග්‍රහ විඳිනට අපට සිදු වුවත්, අපගේ දෙවියන්වහන්සේගේ උපකාරයෙන් දැඩි විරෝධතා මැද වුව ද දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ඔබට ප්‍රකාශ කරන්නට අපට ධෛර්යය තිබුණි.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.


එහිදී අපට සහෝදරයින් කීප දෙනෙක් හමු විණ. තමන් හා සතියක් ගත කරන ලෙස ඔවුහු අපට ඇරියුම් කළහ. මෙසේ අපි රෝමයට පැමිණියෙමු.


පසු දා අපි එතැනින් පිටත්ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු.


එබැවින් අපි තීර්හි ගෝලයින් සොයා ගොස්, හත් දවසක් ඔවුන් හා ගත කළෙමු. ශුද්ධාත්මයාණන් විසින් දන්වනු ලැබ, යෙරුසලමට නො යන ලෙස ඔවුහු පාවුල්ට ඇවිටිලි කළහ.


එබැවින් ඔවුහු මිසිය පසු කොට ත්‍රෝවස වෙත පැමිණියහ.


පාවුල් දුටු දර්ශනය මඟින් මකිදෝනිය වැසියනට ශුභාරංචිය ප්‍රකාශ කිරීමට දෙවියන්වහන්සේ අප කැඳවතැයි නිගමනය කළ අපි වහා මකිදෝනිය බලා පිටත් වන්නට සූදානම් වීමු.


අපට පෙරටුව පිටත්ව ගිය ඔවුහු අප එන තෙක් ත්‍රෝවසයේ බලා සිටියහ.


ආසියා කලාපයේ කල් ගත කිරීමෙන් වැළකී, එපීසය පසුකර යාත්‍රා කිරීමට පාවුල් තීරණ කළේ, හැකි වෙතොත් පෙන්තකොස්ත දවසට කලින් යෙරුසලමට ළඟා වීමට ඔහු ඉක්මන් කළ බැවිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්