සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
ක්‍රියා 20:38 - සිංහල කාලීන පරිවර්තනය ඔවුන් වඩාත්ම ශෝක වූයේ, යළි ඔවුන් ඔහුගේ මුහුණ දකින්නේ නැතැයි පාවුල් කී බැවිනි. ඉන්පසු ඔවුහු නැවට ඔහු ඇරලූහ. Sinhala New Revised Version අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ. Sinhala New Revised Version 2018 අනෙක් හැම දේට ම වඩා, තමාගේ මුහුණ යළිත් ඔවුන් නොදකිති යි ඔහු කී වචන ගැන, ඔව්හු ශෝක වූ හ. ඉන්පසු ඔව්හු ඔහු සමඟ නැව කරා ගියහ. Sinhala Revised Old Version ඔහුගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය. ඔව්හු නැව ළඟට ඔහු සමඟ ගියෝය. |
සභාව ඔවුන් පිටත් කර යැවී ය. ඔවුහු පිනීකිය හා සමාරිය හරහා ගමන් ගනිමින්, අන්‍ය-ජාතීන්ගේ හැරීමේ පුවත පතළ කරමින්, එහි විසූ සියලු සහෝදරයින්ට මහත් ප්‍රීතියක් ගෙන දුන්හ.
“රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි.
කායිසාරියේ ගෝලයින් කීප දෙනෙක් අප සමඟ අවුත්, අප නවාතැන් ගත යුතුව තිබූ මිනාසොන්ගේ නිවෙස වෙත අප කැඳවාගෙන ගියහ. සයිප්‍රස් ජාතිකයකු වූ ඔහු මුල් ගෝලයන්ගෙන් කෙනෙකි.
එහෙත් අප යා යුතු කාලය පැමිණි විට අපි එතැනින් පිටත්ව, යළි ගමන් ඇරඹීමු. ගෝලයෝ සැවොම තම භාර්යාවන් හා දරුවන් කැටිව නගර සීමාවෙන් පිටතට එන තුරු අප හා ආහ. අපි වෙරළේ දණින් හිඳ, යාච්ඤා කර,
එසේ වුවත්, මොහු ගැන අප අධිරාජයාණන්ට ලියා යැවීමට තරම් වූ නිශ්චිත යමක් මා ළඟ නැහැ. එබැවින් මෙසේ විභාග කිරීමෙන් පසු, ඔහු ගැන ලියා යැවීමට සුදුසු යමක් මට සපයා ගැනීම සඳහා ඔබ හැම ඉදිරියටත්, විශේෂයෙන්ම අග්‍රිපා රජතුමනි, ඔබ ඉදිරියටත් මොහු පැමිණ වීමි.
එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.