Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:25 - සිංහල කාලීන පරිවර්තනය

25 “රාජ්‍යය ප්‍රකාශ කරමින් මා ගියවුන් අතර සිටින ඔබ කිසිවකුට මින් මතු මගේ මුහුණ දකින්නට නො ලැබෙන බව දැන් මම දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 “මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 “මේ වන තෙක් මම දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ඔබ අතර ගැවසුණෙමි. දැන් ඉතින් මින්පසු ඔබගෙන් කිසිවෙකු මගේ මුහුණ තවත් නොදකින බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 ඉතින් රාජ්‍යය ගැන දේශනාකරමින් නුඹලා අතරෙහි ඇවිද්දාවූ මාගේ මුහුණ නුඹලා සියල්ලන් තවත් නොදකින බව දනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:25
13 හුවමාරු යොමු  

කිසිදු බාධාවකින් තොරව, එඩිතරව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.


ඔවුන් වඩාත්ම ශෝක වූයේ, යළි ඔවුන් ඔහුගේ මුහුණ දකින්නේ නැතැයි පාවුල් කී බැවිනි. ඉන්පසු ඔවුහු නැවට ඔහු ඇරලූහ.


උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.


ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලිකව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි.


ක්‍රිස්තුස්වහන්සේ තුළ යුදයේ සභා, මා කවුරුදැයි පුද්ගලිකව දැන සිටියේ නැත.


එහෙත් දැන්, තවදුරටත් මෙපෙදෙස්හි මට ඉඩක් ඉතිරිව නැති නිසාත්, බොහෝ කලෙක පටන් ඔබ වෙත එන්නට මා ආශාවෙන් සිටි නිසාත්,


එහෙත් පිලිප් දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමය ගැන ශුභාරංචිය දේශනා කළ විට, ඔවුහු ඔහු විශ්වාස කළහ; ගැහැණු-පිරිමි දෙගොල්ලම බව්තීස්ම කරන ලදහ.


“දහම් නීතියත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති.


යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මළාහු තම මළවුන් වැළලුවා වේ. ඔබ ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ” යි කී සේක.


“එබැවින් ස්වර්ග රාජ්‍යය ගැන ගෝලයකු බවට පත් වන දහම් පඬිවර හැම කෙනකුම තම වස්තු ගබඩාවෙන් පැරණි දෑ මෙන්ම අලුත් දෑ පිටතට ගෙනෙන ගෘහ මූලිකයකුට සමාන යැ” යි පැවසූ සේක.


යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.


ගොසින්, ‘ස්වර්ග රාජ්‍යය ළං වී ඇත’ කියා ප්‍රකාශ කරන්න.


එවක් පටන් යේසුස්වහන්සේ, “පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් දේශනා කරන්නට පටන් ගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්