මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.
ක්‍රියා 20:27 - සිංහල කාලීන පරිවර්තනය මන්ද දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත ඔබට ප්‍රකාශ කිරීමට මා පසුබට වූයේ නැත. Sinhala New Revised Version මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි. Sinhala New Revised Version 2018 මන්ද, දෙවියන් වහන්සේගේ මුළු අභිප්‍රාය නොවළහා ඔබට ප්‍රකාශ කෙළෙමි. Sinhala Revised Old Version මක්නිසාද දෙවියන්වහන්සේගේ මුළු අභිප්‍රාය නුඹලාට ප්‍රකාශකිරීමෙන් නොවැලකුණෙමි. |
මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.
එහෙත් පරිසිවරු හා නීති විශාරදයෝ ඔහුගෙන් බව්තීස්ම නො ලැබ, තමන් සඳහා වූ දෙවියන්වහන්සේගේ සැලැස්ම ප්‍රතික්ෂේප කළහ.)
ඔබ දාසයින් යයි තවදුරටත් මා කියන්නේ නැත. මන්ද තම ස්වාමියා කරන්නේ මොනවාදැයි දාසයා දන්නේ නැත. එනමුත් ඔබ මාගේ මිත්‍රයින් යැයි මා කීවේ මගේ පියාණන්ගෙන් මා ඇසූ හැම දෙයක්ම මා ඔබට දැනගන්නට සැලසූ නිසයි.
“දාවිත්, තම පරම්පරාවේදී, දෙවියන්වහන්සේගේ අරමුණට සේවය කර, සැතපී, තම පියවරුන් අතරේ තැන්පත් කරන ලදුව, ඔහුගේ සිරුර දිරා ගියා.
දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.
ඔබට ප්‍රයෝජනවත් විය හැකි කවර දෙයක් වුව ප්‍රකාශ කිරීමට මා පසුබට නො වූ බවත් ඔබ දන්නවා; ප්‍රසිද්ධියේ මෙන්ම ගෙන් ගෙට ගොස් මා ඔබට ඉගැන්නුවා.
මෙලෙස වෙහෙසී වැඩ කර, අබල දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින්ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”
මන්ද ස්වාමින්වහන්සේගෙන් මා ලද දේ මම ඔබට භාර කළෙමි. එය නම්, යේසුස් ස්වාමින්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ, උන්වහන්සේ රොටි ගෙන,
තවද ලජ්ජා සහගත රහස් මාර්ග අත්හළ අපි, වංචනිකව ක්‍රියා කිරීම හෝ දෙවියන්වහන්සේගේ වචනය විකෘති කිරීම ප්‍රතික්ෂේප කරන්නෙමු. අනෙක් අතට අපි, සත්‍යතාව ඇති සැටියෙන් ඉදිරිපත් කිරීමෙන් දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ හැම මිනිසකුගේම හෘදය සාක්ෂියට අප ගැන පැහැදීමක් දෙන්නෙමු.
පූර්ව නියමයෙන් ස්වකීය කැමැත්තේ අරමුණට අනුකූලව හැම දේම ක්‍රියා කරවන තැනැන්වහන්සේ, ස්වකීය සැලැස්මට අනුව ක්‍රිස්තුස්වහන්සේ තුළ උරුමක්කරුවන් කොට අප තෝරා ගෙන
අප ඔබට කතා කරන්නේ ශුභාරංචිය බාර දීමට සුදුස්සන් යයි දෙවියන්වහන්සේගේ අනුමැතිය ලද්දවුන් වශයෙනි; එසේ කරන්නේ මිනිසුන් සතුටු කිරීමට නො ව අප හදවත් පිරික්සන දෙවියන්වහන්සේ ප්‍රසන්න කිරීමට ය.