Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:28 - සිංහල කාලීන පරිවර්තනය

28 තමන් ගැනත් වගබලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 දෙවියන්වහන්සේ විසින් තමන්ගේම රුධිරයෙන් මිලේට ගත් තමන්ගේ සභාව පෝෂණයකරන්ට ශුද්ධාත්මයාණන් වහන්සේ යම් රැළෙක්හි නුඹලා නායකයන් කොට නියමකළසේක්ද, ඒ මුළු රැළ ගැනත් නුඹලාම ගැනත් ප්‍රවේසම්වෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:28
61 හුවමාරු යොමු  

ඔබගේ පැවැත්ම ගැනත්, ඉගැන්වීම් ගැනත් සුපරික්ෂාකාරී වන්න. ඒවායේ පැවත සිටින්න. ඔබ එසේ කරන්නේ නම්, ඔබ ඔබම ගලවා ගනු ඇත; ඔබට සවන් දෙන්නන් ද ගලවා ගනු ඇත.


එබැවින් නායකයා දොසක් දැකිය නො හැකි, එක භාර්යාවකට ස්වාමි පුරුෂයා වූ, පමණ දැන කටයුතු කරන, සංයමයෙන් යුතු, ගරු කටයුතු වූ, ආගන්තුක සත්කාරයට ලැදි, ඉගැන්වීමෙහි සමත් අයකු විය යුතු ය.


ඔවුන් ස්වාමින්වහන්සේට නමස්කාර කරමින්, නිරාහාරව සිටි අවස්ථාවක, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔවුන් අමතමින්, “මා විසින් කැඳවනු ලැබූ සේවාව සඳහා බාර්ණබස් හා සාවුල් යන දෙදෙන මට වෙන් කරන්නැ” යි කී සේක.


ඔබේ නායකයින්ට අවනතව, ඔවුනට යටත් වන්න. මන්ද ඔවුන් ඔබ ගැන ගණන් දිය යුතු වූවන් මෙන් ඔබගේ ආත්ම ගැන විමසිල්ලෙන් සිටින බැවිනි. එසේ කිරීම බරක් නො ව, ප්‍රීතියක් වන පිණිස ඔවුන්ට අවනත වන්න; නැතහොත් එයින් ඔබට වන සෙතක් නැත.


දේශනා කිරීමේ හා ඉගැන්වීමේ යෙදෙමින්, සභා කටයුතු හොඳින් මෙහෙය වන සභා-මූලිකයන් දෙගුණයක් ගරු සැලකිලි ලබන්නට සුදුසු ය.


යුදෙව්වන්ට, ග්‍රීකයින්ට හෝ දෙවියන්වහන්සේගේ සභාවට හෝ බාධාවක් නො වන්න.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.


උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.


“කුඩා රැළ, බය නො වන්න. මන්ද රාජ්‍යය ඔබට දීම, ඔබගේ පියාණන්වහන්සේගේ කැමැත්තයි.


තමාගේ පවුල හසුරුවා ගන්නට නො දන්නා කෙනකු දෙවියන්වහන්සේගේ සභාව රැක බලා ගන්නේ කෙසේ ද?


ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,


සභා වැඩිමහල්ලන් ඔබ මත අත් තබා, දිවැසි පණිවුඩයක් මඟින් ඔබට දානය කරන ලද දීමනාව, නො සලකා නො හරින්න.


ඒ ශුද්ධාත්මයාණන්වහන්සේ, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමයේ ප්‍රශංසාව සඳහා, උන්වහන්සේ සන්තකවූවන් වන අපට අපගේ මිදීමේ උරුමය සහතික කරන ඇපකරය වේ.


මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති.


මා ගිය පසු, රුදුරු වෘකයින් ඔබ අතරට පැමිණ, රැළ ඉතිරි නො කරන වග මම දනිමි.


ඔහු මිලේතස සිට එපීස සභා-මූලිකයින් කැඳවා පණිවුඩ යැවී ය.


එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.


මන්ද “ඔබ සිටියේ මංමුළා වී යන බැටළුවන් මෙනි.” එහෙත් දැන් ඔබ ඔබගේ ජීවයේ එඬේරාණන් ද භාරකරුවාණන් ද වෙත හැරී ඇවිදින් ය.


එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.


“ස්වාමින්වහන්සේ ඔබට පැවරූ වැඩ කොටස සම්පූර්ණ කරන්නට වගබලා ගන්නැ” යි අර්කිපස්ට කියන්න.


ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේම ය.


මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.


කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.


“පරෙස්සම් වන්න! නැතහොත් දුරාචාරයෙන්, බේබදුකමෙන් හා ජීවිතයේ කනස්සලුවලින් ඔබේ හදවත් බර වී, ඒ දවස උගුලක් සේ හදිසියේම ඔබ පිට නො එන ලෙසට වගබලා ගන්න.


එහෙත් උන්වහන්සේ ආලෝකයේ සිටින්නා සේ, අපත් ආලෝකයේ හැසිරෙනවා නම්, එකිනෙකා සමඟ සහභාගිත්වයක් අපට ඇත. උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස්වහන්සේගේ ලෙය, හැම පාපයකින් අප පවිත්‍ර කරයි.


කිසිවකුට දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අහිමි නො වන ලෙසට හා ගැටළු මතු කොට බොහෝ දෙනකු අපවිත්‍ර වන තික්තකමේ මුලක් හටගන්නට ඉඩ නො දෙන ලෙසට වගබලා ගන්න.


සභා නායකයා, දෙවියන්වහන්සේගේ කළමනාකරුවකු හෙයින් දෝෂ රහිත කෙනකු විය යුතු ය. ඔහු අහංකාර නො වූ, වහා නො කිපෙන්නා වූ, බේබද්දකු නො වූ, කලහකරුවකු නො වූ, වාසියට ගිජු නො වූ කෙනකු විය යුතු අතර,


අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය.


කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.


“විමසිල්ලෙන් සිටින්න. ඔවුන් උසාවිවලට ඔබ අල්ලා දෙනු ඇත. සිනගෝගවලදී ඔබට කස පහර දෙනු ඇත. ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියේ ඔවුන්ට සාක්ෂිකරුවන් වශයෙන් ඔබ මා උදෙසා පෙනී සිටිනු ඇත.


මා ඔබට කියන්නේ, ඔබ පේතෘස් ය; මේ පර්වතය පිට මම මගේ සභාව ගොඩ නගන්නෙමි. පාතාලයේ දොරටු, ඊට එරෙහිව ජය ගන්නේ නැත.


“ ‘එම්බා, යුදයේ බෙත්ලෙහෙම, යූදාහි අධිපතීන් අතර නුඹ කිසි සේත් සුළුවන්නේ නැත; මන්ද මාගේ ජනයා වූ ඉශ්‍රායෙල්ගේ එඬේරාණන් වන පාලකයෙක් නුඹගෙන් නික්ම එනු ඇත’ කියා යැ” යි කීහ.


ශුද්ධ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න. ක්‍රිස්තුස්වහන්සේගේ සියලු සභාවෝ ඔබට ආචාර කරති.


මිලයක් ගෙවීමෙන්, ඔබ මිලයට ගනු ලැබ ඇත. එබැවින් ඔබගේ ශරීරය තුළ දෙවියන්වහන්සේ මහිමයට පමුණුවන්න.


යමකු, සභාවේ නායක තනතුර දැරීමට අපේක්ෂා කරන්නේ නම්, ඔහු ශ්‍රේෂ්ඨ කාරියකට ආශා වන්නේ ය යන්න විශ්වාසනීය කියමනකි.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්