ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 16:27 - සිංහල කාලීන පරිවර්තනය

සිරගෙයි නිලධාරියා අවදි විය. සිරගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් පිබිද, හිරගෙයි දොරවල් ඇරී තිබෙනවා දැක, හිරකාරයෝ පැනලා ගියෝයයි සිතා, කඩුව ඇදගන තමාම මරාගන්ට හැදුවේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 16:27
9 හුවමාරු යොමු  

දේව මාලිගය තුළට රිදී කාසි වීසි කළ ඔහු එතැනින් ඉවත්ව ගොස් එල්ලී මළේ ය.


පේතෘස් සොයන්නට හෙරෝද් දැඩි සෝදිසි මෙහෙයුමක් යෙදවී ය. එහෙත් ඔහු සොයාගත හැකි නො වීය. මුර භටයින් ගෙන්වා ප්‍රශ්න කළ හෙරෝද්, ඔවුන් මරා දමන්නට නියෝග කළේ ය. හෙරෝද් ඉන් අනතුරුව යුදයේ සිට කායිසාරිය වෙත අවුත්, මද කලක් එහි ගත කළේ ය.


එසැණේම, “කිසි අනතුරක් කරගන්න එපා! අප සැවොම මෙහි සිටිනවා” යි පාවුල් කෑගැසී ය.


එවිට පාවුල් ඇමතූ සිරගෙයි නිලධාරියා, “ඔබ දෙපොළ නිදහස් කරන්නැයි විනිසුරුවන් නියෝගයක් එවලා; දැන් මින් පිට වී යෑමට ඔබට පුළුවනි; සමාදානයෙන් යන්නැ” යි පැවසී ය.