Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 12:19 - සිංහල කාලීන පරිවර්තනය

19 පේතෘස් සොයන්නට හෙරෝද් දැඩි සෝදිසි මෙහෙයුමක් යෙදවී ය. එහෙත් ඔහු සොයාගත හැකි නො වීය. මුර භටයින් ගෙන්වා ප්‍රශ්න කළ හෙරෝද්, ඔවුන් මරා දමන්නට නියෝග කළේ ය. හෙරෝද් ඉන් අනතුරුව යුදයේ සිට කායිසාරිය වෙත අවුත්, මද කලක් එහි ගත කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, මුර සෙබළුන්ගෙන් ප්‍රශ්න කොට, ඔවුන් මරන්නට අණ කෙළේ ය. ඉන්පසු ඔහු ජුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 හෙරොද් ඔහු සොයා, සම්බ නොවූ කල, රැකවලුන්ගෙන් විචාරා, ඔවුන් මරන්ට අණකොට, යුදයෙන් කායිසාරියට ගොස්, එහි නැවතී සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 12:19
19 හුවමාරු යොමු  

සිරගෙයි නිලධාරියා අවදි විය. සිරගෙයි දොරවල් ඇරී තිබෙනු දුටු ඔහු, සිරකරුවන් පැන යන්නට ඇතැයි සිතා සිය දිවි හානිකර ගන්නට තම අසිපත අතට ගත්තේ ය.


පසු දා අපි එතැනින් පිටත්ව, කායිසාරියට ළඟා වී, හත්දෙනාගෙන් කෙනකු වූ ධර්ම දූත පිලිප්ගේ නිවසේ නවාතැන් ගතිමු.


හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදිව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිරගෙයි දොරටු මුර කළහ.


පේතෘස් අත්අඩංගුවට ගත් හෙරෝද්, ඔහු සිරගෙයි දමා, ඔහු මුර කිරීමේ කාරිය, මුර භටයින් සිව් දෙනකු බැගින් යුතු මුර කණ්ඩායම් හතරකට පැවරී ය. පාස්කුවෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු විභාග කිරීම හෙරෝද්ගේ අදහස විය.


ඉන්පසු පිලිප් දක්නට ලැබුණේ අසෝතස්හි දී ය. එතැන් සිට කායිසාරියට පැමිණෙන තෙක්, හමු වූ සියලු නගරයන්හි ශුභාරංචිය දේශනා කරමින් ඔහු ගමන් ගත්තේ ය.


ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.


සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ.


ටික කලකට පසු, අග්‍රිපා රජු හා බෙර්නිකී, පෙස්තුස් පිළිගන්නට කායිසාරියට ආහ.


පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය.


හෙරෝද් රජුගේ කාලයේ, යුදයේ බෙත්ලෙහෙමේ යේසුස්වහන්සේ උපන් පසු, මෙන්න! පෙරදිග සිට පඬිවරු යෙරුසලමට පැමිණ,


පහන් වූ කල, මුර භටයින් අතර සුළු පටු නො වූ කැලඹීමක් හට ගත්තේ, පේතෘස්ට කුමක් වීදැයි යන්න ගැන ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්