ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 15:37 - සිංහල කාලීන පරිවර්තනය

තමන් සමඟ මාර්ක් නම් ලත් යොහන් කැඳවාගෙන යෑමට බාර්ණබස්ට ඕනෑ විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

තමන් සමඟ මාක් නම් ලත් ජොහන් ද, කැඳවා ගෙන යන්නට බාර්ණබස් කැමැත්ත දැක්වී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බාර්ණබස්ද මාර්ක් නම්ලත් යොහන්ද තමුන් සමඟ කැඳවාගන යන්ට කැමැතිවූයේය.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 15:37
9 හුවමාරු යොමු  

එය වටහා ගත් පේතෘස්, මාර්ක් නම් ලත් යොහන්ගේ මව වූ මරියාගේ නිවසට ගියේ ය. එහි බොහෝ දෙනෙක් රැස්ව, යාච්ඤා කරමින් සිටියහ.


බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.


පාවුල් හා ඔහුගේ සගයෝ පාපස් වෙතින් නැව් නැග, පම්පිලියෙහි පර්ගා නගරයට ගොඩ බටහ. යොහන් යෙරුසලම් වෙත ආපසු යෑමට එහිදී ඔවුන්ගෙන් වෙන් විය.


සලමිස් නගරයට ළඟා වූ ඔවුහු, එහි යුදෙව් සිනගෝගවලදී දෙවියන්වහන්සේගේ වචනය ප්‍රකාශ කළහ. යොහන් ඔවුන්ගේ සහායකයාව සිටියේ ය.


මෙසේ පාවුල් හා බාර්ණබස් දෙපසට වෙන් කිරීමට තරම් වූ තියුණු මත-භේදයක් පැන නැඟිණි. බාර්ණබස් තමා සමඟ මාර්ක් ගෙන සයිප්‍රස් බලා නැවෙන් ගියේ ය.


මා හා සිරගතව සිටින අරිස්තාර්කස් ඔබට ආචාර කරයි. බාර්ණබස්ගේ ඥාති සහෝදර මාර්ක් ද ඔබට ආචාර කරයි. මාර්ක් ඔබ වෙත පැමිණියහොත්, ඔහු සාදරයෙන් පිළිගන්න. ඔහු ගැන දැනටමත් ඔබට උපදෙස් ලැබී තිබේ.


ලූක් පමණක් මා සමඟ ය. ඔබ සමඟ මාර්ක් කැඳවාගෙන එන්න. මාගේ සේවය සඳහා ඔහු මට ප්‍රයෝජනවත් ය.


මගේ හවුල් වැඩකරුවන් වන මාර්ක්, අරිස්තාර්කස්, දේමස් හා ලූක් ද එසේම කරති.


ඔබ සමඟ දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද බබිලෝනි සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මා පුත් මාර්ක් ද ඔබට ආචාර කරයි.