ක්‍රියා 10:20 - සිංහල කාලීන පරිවර්තනය නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක. Sinhala New Revised Version එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 එබැවින් නැඟිට, බැස ගොස් කිසි සැකයක් නැති ව, ඔවුන් සමඟ යන්න. ඔවුන් එවූයේ මම ය”යි වදාළ සේක. Sinhala Revised Old Version එබැවින් නැගිට, බැස, කිසිසේත් සැක නොකොට, ඔවුන් සමඟ යන්න. මක්නිසාද මම ඔවුන් එවීමියි කීසේක. |
එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය.
‘ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්නැ’ යි ආත්මයාණන්වහන්සේ මට කීවා. මෙම සහෝදරයින් හයදෙනා ද මා සමඟ ගමනට සහභාගි වුණා. මෙසේ අප ඒ මිනිසාගේ ගෙදරට ඇතුළු වුණා.
මෙසේ ශුද්ධාත්මයාණන් විසින් යවන ලදුව, ඔවුහු සිලුකි වරාය වෙත අවුත්, එතැනින් නැව් නැග, සයිප්‍රස් බලා යාත්‍රා කළහ.
ස්වාමින්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැගිට, දකුණු දෙසට, යෙරුසලමේ සිට ගාසා දක්වා දිවෙන මාවතට යන්නැ” යි කීවේ ය. එය කාන්තාර මාවතකි.
එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;
එබැවින් අනනියස් පිටත්ව, ඒ නිවසට පිවිස, සාවුල් මත අත් තබා, “සහෝදර සාවුල්, ඔබ මෙහි එද්දී, මාවතේදී ඔබට පෙනුණු යේසුස් ස්වාමින්වහන්සේ මා මෙහි එවුවේ ඔබට නැවත පෙනීම ලැබෙන පිණිසත්, ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ පූර්ණ වන පිණිසත්” යයි කීවේ ය.
එහෙත් ඔහු ඉල්ලිය යුත්තේ ඇදහිල්ලෙනි; සැකයෙන් තොරව ය. මන්ද සැක සිතැත්තා සුළඟට ගසන, ඒ මේ අත පෙරළෙන මුහුදු රැල්ලක් වැනි ය.