Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 1:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එහෙත් ඔහු ඉල්ලිය යුත්තේ ඇදහිල්ලෙනි; සැකයෙන් තොරව ය. මන්ද සැක සිතැත්තා සුළඟට ගසන, ඒ මේ අත පෙරළෙන මුහුදු රැල්ලක් වැනි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුමුත් අනුමාන නොකරම ඇදහිල්ලෙන් ඉල්ලාවා. මක්නිසාද අනුමානකරන්නා සුළඟින් ගෙනයන්නාවූ, සෙලවෙන්නාවූ මුහුදේ රැළට සමානය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 1:6
14 හුවමාරු යොමු  

ඇදහිල්ලෙන් තොරව උන්වහන්සේ ප්‍රසන්න කිරීම කළ නො හැක්කකි; මන්ද දෙවියන්වහන්සේ වෙත ළඟා වන කවරකු වුව ද උන්වහන්සේ වැඩ සිටින වගත්, උන්වහන්සේ සොයන අයට ප්‍රතිවිපාක දෙන වගත් විශ්වාස කළ යුතු වෙයි.


එසේ වූ කල, අප තවදුරටත් මිනිසුන්ගේ කූට උපා මාර්ගවල කපටකම් හා ප්‍රයෝගවලින් ද සකල බොරු ඉගැන්වීම් නැමති සුළඟින් ද ඒ මේ අත ගසාගෙන යන, රළ රැළිවලින් ඈත මෑත විසිවන බාලයින් මෙන් නො වනු ඇත.


පොරොන්දුව දුන් තැනැන්වහන්සේ විශ්වාසනීය බැවින්, අප ප්‍රකාශ කරන බලාපොරොත්තුව නො සැලී, බදා අල්ලා ගනිමු.


සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.


එබැවින් හැම තැනක පුරුෂයින් තරහ හා කළහ නැතිව, යාච්ඤාවේදී ශුද්ධ අත් එසවීම මගේ කැමැත්ත ය.


මොවුන් ජලය නැති උල්පත් ය; කුණාටුවෙන් පලවා හැරෙන මීදුමක් ය. ඔවුන්ට වෙන් කර ඇති තැන ඝන අන්ධකාරයයි.


එවිට පේතෘස් පිළිතුරු දෙමින්, “ස්වාමිනි, ඒ ඔබ නම්, දිය මත ඇවිද ඔබ වෙත එන්නට මට අණ දෙන්නැ” යි කීවේ ය.


නැගිට පහළට බහින්න; ඔවුන් සමඟ යෑමට නො පැකිළෙන්න; මන්ද ඔවුන් එවුවේ මම” යැයි කී සේක.


එබඳු මිනිසා ස්වාමින්වහන්සේගෙන් තමාට කිසිවක් ලැබෙතැයි නො සිතිය යුතු ය.


ඇදහිල්ලේ යාච්ඤාවෙන් රෝගී තැනැත්තා සුවය ලබයි; ස්වාමින්වහන්සේ ඔහු නැගිටුවන සේක. ඔහු පව් කර තිබුණේ නම් ඒවා කමා කෙරේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්